Header Ads

Breaking News
recent

කුට්ටම අනන්න බැසිල් අද ලංකාවට; බාප්පා පුතාට තෑගි ගෙනත්?

නත්තල් නිවාඩුව ගතකිරීමට ඇමරිකාවට ගොස් පවුලේ සාමාජිකයින් සමග විනෝදයෙන් කල්ගත කළ මුදල් අමාත්‍යවරයා දිවයිනට පැමිණි වහාම කැබිනට් මණ්ඩල සංශෝධනයට අදාල කටයුතු ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.

මුදල් අමාත්‍යවරයා යලි මෙරටට පැමිණීම සඳහා ඊයේ (30) ඇමරිකානු වේලාවෙන් පස්වරු 3.00ට පමණ එරටින් පිටත්වීමට නියමිතව සිටි බවද පැවසේ.

ජනාධිපතිවරයා විසින් ජනවාරි 18 දා පාර්ලිමේන්තුව යලි විවෘත කිරීමට පෙර කැබිනට් සංශෝධනයක් කිරීමට නියමිත බවත්, බොහෝවිට ජනවාරි 14 දා එය සිදුවනු ඇති බවත් වාර්තා වේ.

මෙවර කැබිනට් සංශෝධනයේදී උදය ගම්මන්පිලගේ අමාත්‍ය ධුරයේ වෙනසක් අනිවාර්යයෙන්ම සිදුවනු ඇතැයි පැවසේ.

මෙවර අයවැයෙන් අමාත්‍යංශවලට මුදල් වෙන් කිරීමේදී නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ අමාත්‍යංශයට කුඩම්මාගේ සැලකිලි දක්වා එම අමාත්‍ය ධුරය නමට පමණක් සිමා කර ඇතැයි අගමැතිවරයාගෙන් මුදල් අමාත්‍යවරයාට එල්ලවී ඇති චෝදනා හමුවේ, නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාට තරුණ කටයුතු හා ක්‍රීඩා කටයුතු වලට අතිරේකව ඩිජිටල් තාක්ෂණ අමාත්‍ය ධුරයද එක්කරනු ඇතැයි පැවසේ.

ඔහු දැනට ඩිජිටල් තාක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි.

2024 ජනාධිපතිවරණයේ අපේක්‍ෂකත්ව සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ සමග සිතල යුද්දයක නිරත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මෙවර අයවැයේදී අමාත්‍යංශ සඳහා මුදල් වෙන් කිරීමේදී නාමල් රාජපක්ෂගේ අමාත්‍යංශයට මිට ඉහත වසරේ දී වෙන් කර තිබු මුදලින් සියයට 60කටත් වැඩි ප්‍රමාණයක් කප්පාදු කර ඇතයි රාජපක්ෂ පවුලෙන් මැසිවිලි නැගෙමින් පවතී.

ඥාතිකම අනුව බැසිල් රාජපක්ෂ මහතා නාමල් රාජපක්ෂ මහතාගේ බාප්පාය.

මූලාශ්‍රය - ද ලීඩර්

No comments:

Powered by Blogger.