Header Ads

Breaking News
recent

සාමයේ කුමරු උපන් අසිරිමත් නත්තල උදාවෙයි | Merry Christmas & Happy New Year

සාමයේ අසිරිය රැගෙන නත්තල උදා වෙයි
Merry Christmas &  Happy New Year

කළගුණ සැලකීම, සාමය හා එකමුතුකම සහ අඳුරෙන් අලෝකයට යාමක් පෙන්වා දීම වෙනුවෙන් අසිරිමත් නත්තල් උත්සවය අද දින කිතුනු බැතිමතුන් සමරනු ලැබේ.

ශ්‍රී ලාංකික කතෝලික ජනතාවට මෙන්ම ලොව පුරා සියලුම කතෝලික ජනතාව අද දින අසිරිමත් නත්තල් දින සැමරීමට එක්ව සිටින අතර එසේම කතෝලික නොවන ජනතාවට තම සහෝදර කතෝලික ජනතාව සමඟ නත්තල සැමරීමට එක්ව සිටීම විශේෂත්වයකි.

ඉතිහාසයේ සඳහන් වන පරිදි ක්‍රිස්තුස් වහන්සේ උපත සිදු වූ ක්‍රි.පූ.4 හෝ 3 වැනි වසරේ වන අතර මුල් යුගයේ එනම් ක්‍රිස්තු වර්ෂ තුන්වන සියවස වත තෙක් කිතු උපත සැමරීමක් සිදු නොකළේය. එකල රෝම නීතිය අනුව උපත සැමරීම තහනම් වුවද කිතු දහම වැළදගත් රෝම අධිරාජ්‍යයා එතෙක් දෙසැම්බර් 25 වන දින යෙදී තිබුණු රෝමවරුන්ගේ හිරු පිදීමේ උත්සවය කිතු උපත සැමරුමට යොදා ගැනීමට අණ කර තිබේ. ඊට සමගාමී එදා සිට අද දක්වා නොයෙක් අංගෝපාංග එක් වෙමින් විචිත්‍ර‍වත් අසිරිමත් නනත්තල් උත්සවය සැමරීම සිදු කරනු ලබයි.
නමුත් මෙම නත්තලට පදනම් වූ කිතු උපත සිදු වූයේ දෙවිවරුන්ගේ සැණකෙළි පසුබිමක් තුළ නොවන ජෙලුසෙලමේ ඛෙත්ලෙහෙමේ සීත රැයක ගව ලෙනක වුවද එවකට මහේශාක්‍ය උත්සව සම්ප්‍ර‍දායානුකූලව පැවැත්විණි. ඒ අනුව නත්තල් සමයේ කිතු උපත සංකේතවක් කරමින් සෑම කිතුනු පල්ලියක් සහ නිවසක් ඉදිරියේ ගවලෙනක් ඉදිකරමින් එයට නත්තල් ගසක් ද එක්කර තිබේ. එසේම ක්‍රිස්තුන් වහන්සේ දිළිඳු පවුලක ඉපදීම හේතුවෙන් විශේෂයෙන් දිළිඳු පවුල්වල ළමයින්ට නත්තල් සීයා තෑගි භෝග ඛෙදාදිම සිදු කරනු ලබයි. නත්තල් සුබ පැතුම් හුවමාරු කර ගනිමින් කැරෝල් ගී ද නන්දෙසින් දක්නට ලැබේ.

කිතු උපත සිදුවූ මොහොත සිහි ගන්වමින් සෑම දේවස්ථානයකම පාහේ මධ්‍යම රාත්‍රියේ දිව්‍ය පූජාවන් පැවැත්විණි.

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් සහභාගී වූ දේව මෙහෙය තේවත්ත, ලංකා අප ස්වාමිදූගේ ජාතික බැසිලිකාවේදී පැවැත්විණි.

කොවිඩ් 19 වළක්වා ගැනීමේ මාර්ගෝපදේශ අනුව නත්තල් දේව මෙහෙයන් සංවිධානය කර තිබෙනු දක්නට ලැබිණි.

මීට අමතරව කොළඹ නගරය ඇතුළු දිවයින පුරා නගර මෙන්ම දේවස්ථාන සියල්ලක්ම පාහේ නත්තල් සැරසිලිවලින් අලංකාරවත් කර තිබිණි. බෙත්ලෙහෙමේ ගව හලකදී සිදුවූ ජේසු සමිඳානන්ගේ උපත සිහිපත් කෙරෙන නත්තල ඉකුත් වසර දෙකෙහිදීම වෙනදා මෙන් සමරන්නට කිතුණු බැතිමතුන්ට අවස්ථාව නොලැබිණි.

ඒ 2019 වසරේදී සිදුවූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය නිසා ඇතිවූ අවදානම් තත්වය හේතුවෙන් සහ 2020 වසරේදී කොවිඩ් වසංගතය දැඩි ලෙස පැතිරයාම හේතුවෙනි.

No comments:

Powered by Blogger.