Header Ads

Breaking News
recent

උග්‍ර ඉන්ධන හිඟයක් අතලඟ! දවස් 3 ක් තිස්සේ තෙල් නැව් දෙකක් කොළඹ වරායේ හිරවෙලා!

ඉදිරියේදී උග්‍ර ඉන්ධන අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි මේවන විට ඉඟි පළ කර තිබෙනවා. ඊට ප්‍රධාන හේතුව ඩොලර් අර්බුදයයි.

මේ අතර කොළඹ වරායට පැමිණි ඉන්ධන නැව් දෙකක් ඩොලර් නොමැති වීමෙන් ගොඩ බෑමට නොහැකිව දින තුනක් තිස්සේ කොළඹ වරායේ නැංගුරම් ලා තිබෙන බව අනාවරණය වුණා.

මේ බව හෙළි කළේ එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතායි.

ඔහු පැවසූවේ ආණ්ඩුව ක්ෂණික ඇනවුම් ක්‍රමය යටතේ මෙම නැව් ගෙන්වා ගත්තද එහි ඇති ඉන්ධන මිලදී ගැනීමට ඩොලර් නොමැතිවීම නිසා දැඩි අර්බුදයක් ඇති වී තිබෙන බවයි.

මෙලෙස නැව් දෙක දිගටම නැංගුරම් ලා තබන්නට සිදු වුවහොත් එම ඉන්ධන සඳහා රැඳවුම් ගාස්තු ගෙවීමට ආණ්ඩුවට සිදු වන බවයි රංගෙ බණ්ඩාර මහතා සඳහන් කළේ.

ඩීසල් නැවක් සහ පෙට්රල් නැවක් මෙලෙස වරායේ නැංගුරම් ලා තිබෙනවා.

දැනට ලංකාව සතුව ඉන්ධන සංචිත ඇත්තේ පෙට්රල් දින දහයකට සහ ඩීසල් දින හතකට පමණක් බවට ආරංචි මාර්ග තහවුරු කරනවා.

මේ තත්ත්වය යටතේ ඉදිරියේදී උග්‍ර ඉන්ධන හිඟයක් ඇතිවීම වැළැක්විය නොහැකි බවද එජාප මහලේකම්වරයා සඳහන් කළා.

මේ අතර බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරන්නේ ඉන්ධන මත පනවා ඇති බදු ඉවත් නොකළ හොත් ඩීසල් ලීටරයක් රුපියල් 52 කින් හා පෙට්‍රල් ලීටරයක් රුපියල් 19 කින් ඉහළ දැමීමට සිදු වනු ඇති බවයි.

ඉන්ධන මත පනවා ඇති බදු ඉවත් කරන ලෙස අමාත්‍යවරයා මීට දින දෙකට පෙර මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් ද කළා. 


No comments:

Powered by Blogger.