Header Ads

Breaking News
recent

රු. 80ට තිරිගු පිටි බෙදා දීමේ රාජ්‍ය උත්සවයක්.. ඇමතිගේ ප‍්‍රධානත්වයෙන්…

රජය මගින් දිවයින පුරා වතු කම්කරු පවුල් එක් ලක්ෂ පහලොස් දහස් අටසිය හැට හත් දෙනෙකුට විශේෂ සහනාදාර මිලකට තිරිගු පිටි කිලෝවක් රු 80 බැගින් ලබාදිමේ නිල උත්සවය පාරිභෝගික සේවා ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් (20)දින තලවකැලේ මැදකුඹුර තේ වත්තේ ප්‍රජා ශාලාවේදි සිදු කෙරිණ.
ලංකා කම්කරු කොන්ග්‍රසයේ ආරාධනාවක් අනුව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මෙම උත්සවයට සහභාගි වු අතර , එම වතු යායට පැමිණි රාජ්‍ය අමාත්‍යවරයාව ලංකා කම්කරු කොන්ග්‍රසය වෙනුවෙන් එම පක්ෂයේ භාණ්ඩාගාරික සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම මරුදපාණ්ඩි රමේෂ්වරන් මහතා සහ එම වතු යායේ වතු කම්කරුවන් විසින් පිලිගනු ලැබුහ.
මුදල් අමාත්‍යංශය , වතු නිවාස සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යංශය , වෙලද අමාත්‍යංශය , සමුපකාර සේවා සහ අලෙවිකරණ සංවර්ධන සහ පාරිභෝගික සේවා ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශය යන අමාත්‍යංශ එක්ව වතු කම්කරු පවුලකට රු 80 බැගින් සහනදායි මිලකට මසකට තිරිගු පිටි ලබාදිමේ වැඩපිලිවෙල දියත් කර ඇත.

මෙරට ප්‍රධාන තිරිගු පිටි සමාගමක් විසින් කිලෝ 15 ක් බැගින් ඇසුරුම් කරන ලද තිරිගු පිටි තොග තිරිගු පිටි සමාගම විසින් සමුපකාර සමිති හරහා තේ වතු වලට බෙදා හැරිම මේ වනවිට ආරම්භ කර ඇත.

තේ වතු සමාගම් විසින් වතු කම්කරුවන්ගේ වැටුපෙන් මාසිකව තිරිගු පිටි කිලෝවක් සදහා රු 80 බැගින් අය කර එම මුදල වතු යටිතල පහසුකම් අමාත්‍යංශය වෙත යොමු කිරිමෙන් පසු එම අමාත්‍යංශය සහ තිරිගු පිටි සමාගම් අතර  අත්සන් කර ඇති ගිවිසුමක් අනුව එම වතු යායට මාසිකව අවශ්‍ය තිරිගු පිටි ප්‍රමාණය තිරිගු පිටි සමාගම විසින් සමුපකාර සමිති හරහා බෙදා හරිනු ලබයි.

සහනාදාර මිලකට තිරිගු පිටි ලබාගත් වතු කම්කරුවන් කියා සිටින්නේ වෙලදපොලේ රු 145 අලෙවි වන තිරිගු පිටි කිලෝවක් රු 80 වැනි සහනාදාර මිලකට ලබාදිම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා , අගමැතිවරයා ,රජය සහ රාජ්‍ය අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතාට සිය ස්තුතිය පුද කරන බවයි.

තවද තමන්ට මාසිකව  අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක්ම සහනාදාර මිලකට ලබාදිමට පියවර ගන්නා ලෙසද තිරිගු පිටි සහනාදාරය ලබාගත් වතු කම්කරුවන් රජයෙන් ඉල්ලා සිටියි.

දැනට සහනාදාර යටතේ මාසිකව ලබාදෙන තිරිගු පිටි කිලෝ 15 සමග තවත් තිරිගු පිටි කිලෝ කිහිපයක් ලබාදෙන ලෙසද වතු කම්කරුවන් රජයෙන් ඉල්ලා සිටියි.

– හැටන් රංජිත් රාජපක්ෂ


No comments:

Powered by Blogger.