Header Ads

Breaking News
recent

උලමා සභාවේ බලහත්කාරයට යටවූ අලි සබ්‍රි බහු විවාහ සඳහා අවසර ඉල්ලයි – තමන්ගේම කැබිනට් යෝජනාව සංශෝදනයට අවසර පතයි

ව්‍යවස්ථා සම්පාදන පිළිබඳ ඇමැති මණ්ඩල අනු කමිටුවේ නිර්දේශ මත අධිකරණ අමාත්‍යාංශය 2021 මාර්තු මස අටවැනි දින පැවැති ඇමැති මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කළ යෝජනාවට අනුව මුස්ලිම් පිරිමින්ගේ බහු විවාහ තහනම් කිරීමට හා නව නීති හඳුන්වා දීමටත්, කාති උසාවි අහෝසි කිරීමටත් ලබා දී තිබු කැබිනට් අනුමැතිය සංශෝදනය කර දැඩි කොන්දේසි මත මුස්ලිම් පිරිමින්ගේ බහු විවාහ සඳහා අවසර ලබා දෙන ලෙස ඉල්ලා යෝජනාවක් මෙම සතියේ කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කිරීමට අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා තීරණය කර ඇති බව අධිකරණ අමාත්‍යංශ තොරතුරු මාර්ග ඔස්සේ වාර්තා වෙයි.

බහු විවාහ අයිතිය තබා ගැනීම සඳහා සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානය සමග සාකච්ඡා වට ගණනාවක් අමාත්‍ය අලි සබ්‍රි විසින් පවත්වා ඇති අතර, පසුව උලමා සභාවේ ඉල්ලීමට අමාත්‍යවරයා යටත් වී තිබේ.

-colombotoday


No comments:

Powered by Blogger.