Header Ads

Breaking News
recent

නාමල්ගේ කණෙන් රිංගූ මහේල සහ සංගා! බුකියම රත්වෙන්න මුහුණු පොතේ තැබූ සටහන!

සාමාන්‍යයෙන් දේශපාලනඥයොන්ගෙ කණෙන් රිංගනවා කියන්නෙ උන් දේශපාලනඥයන්ට වඩා තක්කඩි වෙන්න ඕනනෙ.. පහුගිය දවසක උදිත් ලොකුබණ්ඩාර මහින්දගෙ කණෙන් රිංගපු හැටි අපි දැක්කා.
 
දැන් තව එහෙම ප්‍රසිද්ධ රහසක් තියෙනවා. ඒ තමයි මහේල ජයවර්ධන, නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යවරයාගෙ කණෙන් රිංගීමේ කතා පුවත... 
 
මහේල ජයවර්ධනට ලංකාවේ ක්‍රිකට් වලට සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කරාම, මහේල කිව්වෙම තියෙන පරිපාලනය එක්ක තමන්ට ඕන විදියට කරන්න බෑ කියලා. 
 
නාමල් ආවට පස්සෙ එයාට උඩින් මැස්සෙක්ටවත් පියාඹන්න නොදී වැඩේ පාලනය කරලා මහේලව ක්‍රීඩාව සම්බන්ධයෙන් ලොකු තීරණ ගන්න ගෙන්න ගත්තා. 
 
මහේල ඉල්ලපු හැමදේම දුන්නා. මහේලට උඩින් නාමල්වත් ගියේ නෑ. සාමාන්‍යයෙන් රටක ක්‍රිකට් වල වැඩිම පඩිය ගෙවන්නෙ ඒ රටේ නායකයාට. හැබැයි ලංකාවේ ක්‍රිකට් වල වැඩිම පඩිය ගෙවන්නෙ මහේලට. 
 
මහේල ලෝක කුසලානයේදි අතරමැදින් ලංකාවට ආවම කවුරුවත් මහේලට මුකුත් කිව්වෙ නෑ. 
 
මහේල කිව්වේ දරුවා බලන්න ලංකාවට එන්න ඕන කියලා. ලංකාවේ මීඩියා ඉදන් social media ඇඩ්මින්ලා ඉදන් ඔක්කොම මහේලව එතනදි back කරා. 
 
මහේල virtual ටීම් එකට උපදෙස් දෙනවා කියලා කිව්වා. අවුලක් නෑ. දෙසැම්බර් 31 න් පස්සෙ මිකී ආතර්ගෙ ගිවිසුම ඉවර වුනාට පස්සෙ අද වෙනතුරුත් අපිට ප්‍රධාන පුහුණුකරුවෙක් නෑ.
 
Coaches ලා තෝරන වැඩපිළිවෙලේ අන්තිම තීරණය ගන්නෙ මහේල.මහේලගෙ අනුදැනුමක් නැතිව ඒ තීරණ ගන්න නාමල්වත් මැදිහත් වෙන්නෙ නෑ. මාස තුනකුත් ගෙවෙන තැන ශ්‍රී ලංකා ක්‍රිකට් වල ප්‍රධාන පුහුණුකරු, පිතිකරණ පුහුණුකරු, වේග පන්දු පුහුණුකරු, පන්දු රැකීමේ පුහුණුකරු කියන තනතුරු සියල්ල මේ වෙනකොට හිස් වෙලා තියෙනවා.
 
අපිට වාස්ව තියාගන්න පුලුවන් කම තියෙද්දි ගිවිසුම අලුත් කරන්න බැරි වුනා. අපිට මැක්ඩොමෙට්ව තියාගන්න පුලුවන් කම තියෙද්දි ගිවිසුම අලුත් කරන්න බැරි වුනා. 
 
අපිට ග්‍රාන්ට් ෆ්ලවර්ව තියාගන්න පුලුවන් කම තියෙද්දි ගිවිසුම අලුත් කරගන්න බැරි වුනා. 
 
මාස තුනක් කියන්නෙ ලොකු කාලයක්. අපිට මුහුණ දෙන්න තිබුණු ලොකුම tough ම සංචාර දෙක තමයි මේ ඕස්ට්‍රේලියානු සහ ඉන්දියානු සංචාර දෙක.
 
අපේ කණ්ඩායම මේ සංචාර දෙකම යන්නෙ හරිහමන් පුහුණුකරුන්වත් නැතිව. මහේල virtual වත් කණ්ඩායම එක්ක සම්බන්ධ වෙනවා කියලා හිතන්න බෑ.
 
ක්‍රීඩකයන්ට තමන්ගෙ ගේම් එක ගැන අඩුපාඩු කියලා දෙන්න තරම් අලුත් ක්‍රිකට් ගැන අප්ඩේට් එකක් රොමේෂ් රත්නායක සර්ට තියෙනවා කියලා මට හිතෙන්නෙ නෑ. ( He is a gentlemen. No doubt about that.) මහේලට දීලා තියෙන අසීමිත බලතල එක්ක මහේල එයාට කරන ගෙවීමටවත් accountable ද? මහේල සහ සංගා දෙන්නම IPL auction එකට නම් ගියා. 
 
දැන් ඒ දෙන්නම IPL සැලසුම් හදමින් ඇති. මාර්තු 6 ඉදන් ක්‍රීඩකයො ඉන්දියාවට එනවා. මාර්තු 26 IPL පටන් ගත්තට මාර්තු මුල ඉදන්ම මහේලයි සංගයි ඉන්නෙ IPL සැලසුම් වල. 
 
මාර්තු මුල ඉදන් මැයි අන්තිම වෙනකන් මාස තුනකට අසන්න කාලයක් මහේල full time IPL commitments වලට බහිනවා. 
 
එතකොට අපේ ක්‍රිකට් වලට මොකද වෙන්නෙ? කෝ මහේලට වෙලාවක්? මහේල එයාගෙ ගජ මිතුරො වුන Paul Fabrace ගෙන් එහාට පුහුණුකරුවෙක් ගැන හිතුවද? 
 
Tom Moody ලංකාවේ ක්‍රිකට් අධ්‍යයක්ශක වෙලා කරපු දේවල් මොනාද? එයාට ගෙවපු පඩියෙන් අඩුම එයා domestic structure එක හැදුවද? 
 
මහේල සහ සංගක්කාර මහත්මාවරුන් වගෙ ඉදගෙන කරන මේ සටකපටකම් ගැන කතා කරන්න ක්‍රීඩා ලෝලියො බයයි. 
 
හේතුව බැම්මක් නිර්මාණය කරලා එයාලා නියම මහත්වරු කියලා නාමකරණය කරගෙන ඉවරයි. තමන්ට ඕන විදියට සේරම දේවල් හදාගෙනත් ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් ඒ කැපවීම දෙන්න බැරිව ඊට පස්සෙ මේක අතෑරියාම අපේ අන්ධ භක්තික ප්‍රේක්ශකයො මොකක්ද දන්නවද කියන්නෙ?
 
 " ක්‍රිකට් බෝඩ් එකෙ හොරු එක්ක, ශම්මිලා එක්ක මහේලට වැඩ කරන්න බෑ.." මහේලත් හරියට දේශපාලනඥයෙක් වගේ. නාමල්ගෙත් කණෙන් රිංගලා ඉවරයි. 
 
නාමල් මෙතනදි සෑහෙන්න දුරකට පරාදයි මහේලව විශ්වාස කරපු එකට.මාස තුනක් ගෙවුනු තැන බැරි වුන පුහුණුකරුවෝ හොයන වැඩේ IPL ඉවර වුනාම හරි වෙයි කියලා බලා හිදිමි. 
 
අවසාන වශයෙන් මෙසේ ලියමි. " මේ ලෝකයේ සුදු හැදගත් මහත්හොරුන්ද කළු ඇදගත් අවංක මිනිසුන්ද ලෝකයෙන් තමන්ට ලැබිය යුතු ප්‍රතිචාර වලට හාත්පසින්ම විරුද්ධ ප්‍රතිචාර ලබමින් ජීවත් වෙති. "

-HiruGossip


No comments:

Powered by Blogger.