Header Ads

Breaking News
recent

පුටින් ඉල්ලගෙන කන ලකුණු! අමෙරිකාව-ප්‍රංශය-ජර්මනිය භයානක යුද අවි යුක්රේනයට එවයි!

යුක්රේනයට වහාම යුධෝපකරණ සහ ඉන්ධන ලබාදීමට අමෙරිකාව ප්‍රංශය සහ ජර්මනිය තීරණය කර ඇත.

අමෙරිකාව මේ වනවිට ඩොලර් බිලියන 350ක යුද සහායක උපකරණ යුක්රේනය වෙත ලබා දීමට පියවර ගෙන තිබේ.

ජර්මනිය විසින් සිය භයානක ආයුධ හුවමාරු කිරීමේ තීරණය ද ඉවත දමමින් යුක්රේනය වෙත යුද ටැංකි නාශක අවි 1,000ක් භුමියේ සිට ගුවනට ප්‍රහාර එල්ල කිරීමට හැකි මිසයිල 500ක් ලබාදීමට පියවර ගෙන ඇත.

ප්‍රංශය විසින් යුක්රේනයට ලබාදීමට යන ආයුද සම්බන්ධයෙන් මෙතෙක් පැහැදිලි කිරීමක් සිදුකර නොමැත.

මේ අතර යුක්රේනයේ යුද ශක්තිය පිළිබඳව අවතක්සේරුවට ලක් කිරිම සහ අක්‍රමවත් යුද සැලසුම හේතුවෙන් රුසියානු හමුදාවන්ට ඇතැම් විට යුක්රේනය හමුවේ දැවැන්ත පරාජයකට මුහුණ දීමට සිදුවෙනු ඇති බවයි බ්‍රිතාන්‍යය බුද්ධි අංශ ප්‍රධානියා සඳහන් කර ඇත.


No comments:

Powered by Blogger.