Header Ads

Breaking News
recent

ගම්මන්පිලගේ ගෙදර තිබූ දෙයක් ගැන විමර්ශන කරලා! ඇමති අනුකමිටුවේදී හෙළිදරව්වක්!

බොහෝ නිවාස වල, ආයතන වල සහ සූර්ය පැනල ස්ථාපිත කර ඇති ස්ථාන වල උත්පාදනය කරන විදුලිය මෙතෙක් ජාතික විදුලි පද්ධතියට එකතු කිරීම ප්‍රමාද වී ඇතැයි අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සභාපති, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.

ඉදිරියේ දී ඒවා ජාතික විදුලි බල පද්ධතියට එකතු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් අමාත්‍යවරයා කියා සිටියා.

තවද මෙසේ සූර්ය පැනල ස්ථාපිත කර ඇති ස්ථාන වලින් උත්පාදනය කරන විදුලිය ජාතික විදුලි බල පද්ධතියට එකතු නොකිරීම හා ප්‍රමාද කිරීම පිලිබඳව කඩිනම් වාර්තාවක් ලබා දෙන ලෙස අදාල බලධාරීන්ට අමාත්‍ය මණ්ඩල අනුකමිටුව නියෝග කල බවයි ඔහු සඳහන් කළේ. 

සූර්ය බලශක්ති පැනල මඟින් උත්පාදනය කරනු ලබන විදුලිය ජාතික විදුලි බල පද්ධතියට මෙතෙක් එකතු නොකිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ දී හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ නිවසට පවා සූර්ය බලශක්ති පැනල සවිකිරීම සිදු කලද ජාතික විදුලි බල පද්ධතියට අවශ්‍ය සම්බන්ධතාවය ලබා දීම සඳහා මාස 6 කට අධික කාලයක් ගත වී ඇති බව අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේදී නිරීක්ෂණය වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ අවධානය යොමු වීමෙන් අනතුරුව එය ජාතික විදුලි බල පද්ධතියට එකතු කළ බව අමාත්‍යවරයා පැවසුවා.


No comments:

Powered by Blogger.