Header Ads

Breaking News
recent

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් කඩාගෙන චන්ද්‍රිකා නව සන්ධාන සැලසුමක!

මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරයක්  සම්බන්ධ කරගෙන ආණ්ඩුවේ   ප්‍රබලයන් පිරිසක්  සමග පොදු සන්ධානයක් බිහි කර ඉදිරි ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂකයෙක්   ඉදිරිපත් කිරීමේ සැලසුමක හිටපු ජනාධිපතිනී  චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග  නිරත වී සිටින බව වාර්තා වේ.

එහි ප්‍රධානම ඉලක්කය වී ඇත්තේ පවතින රාජපක්ෂ පාලනය පලවා හැරීම බව ද කියැවේ.

මෙම සන්ධානය සඳහා එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, සමගි ජනබලවේගයට  සම්බන්ධ වී සිටින කඳුකරයේ සුළු දේශපාලන පක්ෂ  ඇතුළු පුලුල් පරාසය දේශපාලන පක්ෂ  සම්බන්ධ කරගැනීමට ද සැලසුම් කර  මේ වනවිට සාකච්ඡා ආරම්භ වී ඇතැයි පැවසේ.

නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිර්මාණය කළ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මුල් වී ගොඩනගන මෙම සන්ධානයට  පැරණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිතවාදි මැති ඇමතිවරු පිරිස් එක්වීමේ සූදානමක පසුවන බව ද කියැවේ.

මීට අමතරව විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු ආණ්ඩුවේ සුළු පක්ෂ සමගත් සමගි ජනබලවේගය හා එක් වුණු චම්පික රණවක සමගත් මෙම සන්ධානය ගොඩනැගීම සඳහා සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇතැයි ද අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.


No comments:

Powered by Blogger.