EXCLUSIVE : අසංවිධානාත්මත මහා ජන කැරැල්ලක් රටපුරා එනවා - බුද්ධි අංශ දන්වයි
ආර්ථික අර්බුදය උග්‍ර වීම මත අසංවිධානාත්මක බහුජන විරෝධතාවක් රට පුරා වර්ධනය වෙමින් ඇති බව ඇති බව රාජ්‍ය බුද්ධි අංශය විසින් වාර්තා කර තිබේ.
ජනාධිපතිවරයා ජාතිය අමතමින් ප්‍රකාශයක් කිරීමට හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට මෙම පසුබිම ප්‍රධාන වී හේතුවක් වී ඇතැයි ද වාර්තා වේ.
ඇතිවෙමින් තිබෙන ජන විරෝධතාවය දේශපාලන පක්ෂ අභිබවා යන බහුජන විරෝධතා ස්වරූපයක් ගනිමින් ඇතැයි ද තවදුරටත් බුද්ධි අංශ විසින් වාර්තා කර ඇත.
ජනතාවට සිය මූලික අවශ්‍යතාවය වන ආහාර සම්පාදනය කරගැනීමට බලපෑම් සිදු වීමෙන් දරුණු සමාජ අර්බුදයක් නිර්මාණය වෙමින් ඇති බව ද විශ්ලේෂකයන් සඳහන් කරමින් සිටිති.
ජීවන වියදම සමඟ උද්ධමනය ඉහළ යාම එක විට සිදු වන විට ජනතාවට මිලදී හැඟීම් ගැනීමේ හැකියාව පහළ වැටීම නිසා අපේක්ෂා භංගත්වයට පත්වන තත්ත්වයක් නිර්මාණය වනු ඇති බවද පුරෝකතනය වී තිබේ.

No comments: