Header Ads

Breaking News
recent

භූමිතෙල් පොලිමක සිටි අයෙක් සිහිසුන්ව ඇද වැටී මිය යයි.. (video)

මහනුවර නගරයේ ඉන්ධන පිරවුම් හලක දීර්ඝ වේලාවක් භූමි තෙල් පෝලිමක සිටි වයස අවුරුදු 70 ක පුද්ගලයකු ඇද වැටීමෙන් පසු සුවසැරිය ගිලන් රථයකින් මහනුවර රෝහල කරා ගෙන යමින් සිටියදී මියගිය බව මහනුවර මූලස්ථාන පොලිසිය කියයි.

එසේ මියගොස් ඇත්තේ උඩතලවින්න ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් ඉල්ලියාස් (70) නැමැති අයකු බවද පොලිසිය කියයි.

මියගිය අය දීර්ඝ වේලාවක් භූමිතෙල් පෝලිමේ රැඳී සිට ඇති අතර ඒ වන වන විටත් පැවති දැඩි අව්ව නිමා කරමින් මහනුවර නගරයට වර්ෂාව කඩා හැලිමත් සමග ඔහු පෝලිමේ ඇද වැටුණ බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.

No comments:

Powered by Blogger.