Header Ads

Breaking News
recent

සජිත් ගැන බොරු වීඩියෝ එකක් ඉරාජ් එයාගෙ ෆේස්බුක් එකේ දාලා! කමෙන්ට්ස්වලින් මිනිස්සු ඉරාජ්ගේ රෙදි ගලවයි (VIDEO)

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් වූ පැරණි වීඩියෝවක් ඊයේ දිනය සටහන් කරමින් සිය ෆේස්බුක් පිටුවේ පළ කිරීමට ඉරාජ් වීරරත්න කටයුතු කොට ඇත.

අදාළ වීඩියෝවෙන් දැක්වෙන්නේ කොටියකු බැලීම සදහා විපක්ෂනායකවරයා යාල කැලෑවේ ‌සිය රථය නවතාගෙන සිටින ආකාරයකි.

නමුත් ඉරාජ් එය පළ කොට ඇත්තේ ‘ගෝලයෝ ටික ජනාධිපතිට බැන බැන රටම ගිණිතියනවා 🔥විපක්ෂ නායකයා යාල නිදි 😂🤦‍♂️මේ අද උදේ 7.45ට ගත්ත Video එකක් 🤦‍♂️‘ යනුවෙනි.

කෙසේවෙතත් මෙම වීඩියෝවට විශාල පිරිසක් ඊයේ සිටම සිය අදහස් ප්‍රකාශ කිරීම ආරම්භ කොට තිබූ අතර ඒවායින් එකක් දෙකක් හැරුණු කොට අනෙක් සියල්ලම පාහේ ඉරාජ්ට බැන වැදී පළ කොට තිබූ ඒවා වීම විශේෂ සිදුවීමකි.

මෙහි ඇති අනෙක් විශේෂත්වය වන්නේ විපක්ෂනායක මාධ්‍ය ඒකකය මගින් මෙම වීඩියෝව පැරණි එකක් බව තහවුරු කොට තිබියදීත් ඉරාජ් එය ඊයේ දින සිදුවුණු එකක් බව අගවමින් එය සියි ෆේස්බුක් පිටුවේ පළ කොට තිබීමය.


No comments:

Powered by Blogger.