Header Ads

Breaking News
recent

පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ මාලිගාවේ තිබූ කිලෝ 1000ක් බර ‘සඳගල’ ‌ඉස්සූ හොරු අහුවෙයි! ලොරියක පටවගෙන යද්දී ඩිෆෙන්ඩරයකින් ආරක්ෂාව දීලා! මහනුවර දේශපාලකයෙකුගේ ඡන්ද වැඩවලටත් මේ ඩිෆෙන්ඩරය පාවිච්චි කරලා!

කුණ්ඩසාලේ උඩමළුව පුරාවිද්‍යා රක්ෂිතයේ තිබුණු සඳගල නමින් ප්‍රකට කිලෝ දහසකට අධික බරකින් යුත් ස්මාරකය සොරාගෙන යෑමට ඉකුත් 14 වැනිදා පැමිණි රථයට ආරක්ෂාව සපයමින් ඩිෆෙන්ඩරයක්ද එම ස්ථානයට පැමිණ තිබූ බව විමර්ශනවලින් හෙළි වී තිබේ. 
එම ඩිෆෙන්ඩරයේ හිමිකරු ගැන තොරතුරු රැසක් අනාවරණය වී ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. මහනුවර දේශපාලනඥයකුගේ මැතිවරණ වැඩ සඳහාද මේ ඩිෆෙන්ඩරය පරිහරණය කර තිබෙන බවටද තොරතුරු හෙළි වී ඇත.

මේ ඩිෆෙන්ඩරයත් එදා එය පදවාගෙන ගිය පුද්ගලයාත් ඩිෆෙන්ඩරයේ ගමන් කළ පුද්ගලයනුත් සඳගල පටවාගෙන රැගෙන ගිය රථයත් වැඩි කල් යන්නට පෙර අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇති බවද එම නිලධාරියා පැවසුවේය.

මේ ඩිෆෙන්ඩරය සඳගල පැටවූ රථයට ආරක්ෂාව දෙමින් ගමන් කරන ඇයුරු ආරක්ෂක කැමරා දර්ශන මඟින්ද තහවුරු වී තිබෙන බව එම නිලධාරියා වැඩිදුරටත් කීවේය.

ඉකුත් 14 වැනිදා මහ රෑ පැමිණ සොරාගත් මේ පුරාවිද්‍යා ස්මාකරය තිබුණු භූමිය ක්‍රිස්තුවර්ෂ 1707 සිට 1739 දක්වා මහනුවර කුණ්ඩසාලේ රාජධානිය කොටගෙන වසර 32ක් පමණ රජ කළ අවසන් සිංහල රජු වන ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ මාලිගය පිහිටියේ යැයි පැවසෙන ප්‍රදේශයකි. කුණ්ඩසාලේ උඩමළුව පුරාවිද්‍යා රක්ෂිතයේ තිබූ මේ සඳගල අඩි හතරක් පමණ දිගින් හා අඩි තුනක පමණ උසකින් යුක්තය.

ගයාන් කුමාර වීරසිංහ


No comments:

Powered by Blogger.