Header Ads

Breaking News
recent

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙක් තනතුරින් යන විට කෝටි ගණනක් වටිනා මණ්ඩලයේ වාහනයක් පන්නාගෙන ගිහින්…

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු විසින්  මණ්ඩලයේ නමින් පුද්ගලික ආයතනයකින්  නවීන  මිටිසුබිෂි 1200 කැබ් රථයක් මුදල් නොගෙවා රැගෙන ගොස් තිබු අතර  එම කැබ්රථය සඳහා මණ්ඩලය විසින් රුපියල් එක්කෝටිහැට අට ලක්ෂ, හතලිස් දෙදහස් පන්සිය පනස් හතරක  මුදලක් (16,842,554)  ගෙවා ඇති බව  ජාතික විගණන කාර්යාලය පවසයි.

2020 වර්ෂයේ දෙසැම්බර් මස 31 වැනිදින වනවිට මණ්ඩලය විසින් මෙම  මුදල අදාල ආයතනය වෙත ගෙවා තිබුණි. එම මුදල හිටපු සභාපතිවරයාගෙන් අය කරගැනීමට  ලොතරැයි මණ්ඩලය විසින් නීතිමය  කටයුතු සිදුකරමින් පැවති අතර   නඩු කටයුතු පිළිබඳ  තොරතුරු  මුල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කර තිබුණද  අයකරගත යුතු මුදල පිළිබද තොරතුරු  දක්වා නොතිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

මෙකී  කැබ්රථය මණ්ඩලය වෙත ලබාගැනීම සහ වැඩිපුර ගෙවනු ලැබු මුදල  අයකරගැනීමට කටයුතු කළයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත. 

මෙහිදි ලොතරුයි මණ්ඩලයේ කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ  අයකරගත යුතු මුදල වන  රුපියල් එක්කෝටි හැට අට ලක්ෂ හතලිස් දෙදහස් පන්සිය පනස් හතරක මුදල(16,842,554)  2022 වර්ෂයේ ගිණුම් වාර්තාවලින්  හෙළිදරව් කිරීමට  කටයුතු කරනු ලබන බවය.

සංවර්ධන  ලොතරැයි මණ්ඩලය  සම්බන්ධයෙන් 2021 වර්ෂයට අදාලව මෙකි  විගණන වාර්තාව නිකුත්කොට තිබුණි.

 
-ලලිත් චාමින්ද 

No comments:

Powered by Blogger.