Header Ads

Breaking News
recent

ඉතාම වේදනාකාරී තීන්දු ගන්න වෙනවා... ජිවන රටාව වෙනස් කරගන්න - මහ බැංකු අධිපති

ඝාතනය වී ඇති ආර්ථිකය ස්ථාවර කිරීම වෙනුවෙන් ගැනීමට සිදුවී ඇත්තේ වේදනාකාරී තීරණ බව මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ආර්ථික අවපාතයක් පවතින කාලයකදී ආර්ථිකය ස්ථාවරය කිරීමට එවැනි තීරණ ගන්නා විට ජන මහජනතාවට විශාල වශයෙන් වේදනාකාරී අත්දැකීම ඇතිවන බව ද හෙතෙම කියා සිටියි.

අද වන විට ආර්ථික අර්බුදයේ දී උද්ධමනය වැඩි වී තිබෙන නිසා ජනතාවට ජීවන වියදම ගැටළුවක් වී ඇති බවද එහිදී වැඩිම බලපෑම වී ඇත්තේ අඩුම ආදායම් ලබන පුද්ගලයන්ට බවත් ඔහු පෙන්වා දෙයි.

රටේ දුප්පත්ම කොට තවත් දුප්පත් වෙන බවත් දුප්පත් රේඛාවෙන් පහළට යන ප්‍රමාණය තවත් වැඩි බවත් පවසන මහ බැංකු අධිපතිවරයා රජයේ පළමු වගකීම වන්නේ දුප්පත් අය ආරක්ෂා කිරීම බවද එසේ නොකළ හොත් දේශපාලන ස්ථාවර භාවය පවත්වා ගෙන යාම අසීරු වුණු බවත් පැවසීය.

රටට විදේශ විනිමය අර්බුදයක් තිබියදී සියලු දේ විදේශයන්ගෙන් ආනයනය කර පෙර ආකාරයට සුඛෝපභෝගීව ජීවත් වීමට අපහසු බවත් ආර්ථිකය ස්ථාවර වන තුරු තම ජීවන රටාව තුළ වෙනසක් ඇති කරගැනීමෙන් අර්බුදයෙන් ගොඩ යා හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.


No comments:

Powered by Blogger.