Header Ads

Breaking News
recent

ආර්ථිකය කඩා වැටිලා... ආහාර නැති වෙලා... මට අද යන්න තැනක් නෑ - ජනාධිපති

තරුණයන් අද දේශපාලනයෙන් ඉවත් වි ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසිය.

ජනාධිපතිවරයා ඒ බැව් (22) දින කියා සිටියේ නුවරඑලිය දිස්ත්‍රික්කයේ ආහාර සුරක්ෂිතතාවය පිලිබදව නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් , රාජ්‍ය නිලධාරින් සහ පලාත් පාලන නියෝජිතයන් සමග නුවරඑලිය නගර සභා ශාලාවේ පැවති සාකච්ඡාවකදිය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ

නුවරඑලිය එක් අතකින් ආහාර නිෂ්පාදනය කරන ප්‍රදේශයක් , විදේශ විනිමය ගෙනෙන ප්‍රදේශයක්, වතුකරයේ මන්ද පෝෂණ තත්ත්වය සමාන්‍ය මට්ටමට වඩා ඉහල ගිහින් තියෙන ප්‍රදේශයක්.

මැය මාසය පමණ වන විට රට තුල හිගයක් පැවතුණා මේ වන විට එය තරමක් දුරට නැති කර ගන්න පුළුවන් වුණා.

අපි පොහොර ලබාදෙනවා , පොහොර ලබාදෙන ගමන් ඊලග අවුරුද්ද ගැනත් හිතන්න ඕනි. මේ අවුරුද්දේ රට තුල අර්ථික අර්බුධය නිසා ආහාර හිගයක් පැවතුණා , ඊලග අවුරුද්දේ ලොකය පුරාම ආහාර හිගයක් ඇති වෙන්න පුළුවන් යුක්‍රේන යුද්ධය නිසා.

මේ ආහාර සුරක්ෂිතතා වැඩසටහන අපි බලාපොරොත්තු වෙනවා 2023 අවසන් වන තෙක්ම සිදු කරන්න , මොකද යුක්‍රේන යුද්ධය නිසා ඇති වන ආහාර හිගය වලක්වා ගන්න.

එතකොට වෙන්නේ තියෙන ආහාර මිල දි ගන්නේ පොසත් රටවල් , අපිට ආහාර මිල දි ගන්න වෙන්නේ නැ.

කෘෂිකර්ම අමාත්‍යංශයෙන් පුළුවන් ආධාර සියල්ලම ලබාදෙනවා.

ණය ප්‍රතිව්‍යුහගත කිරිම ගැන අයි.එම්.එෆ් සංවිධානයත් , පුද්ගලික ණය කරුවන් සාකච්ඡා කරලා බොහෝ දුරට ඉවර වෙලා තියෙන්නේ , අපි දැන් ඉන්නේ ඉන්දියාවත් චිනයත් වැඩ කටයුතු ඉවර වෙනකම්.

එතන ඉදන් අපේ තත්ත්වය දියුණු වෙන්න යනවා , එහෙම වුණා කියලා මේ වැඩසටහන අතහරින්න බැ.

ග්‍රාම නිලධාරින් සහ කෘෂිකර්ම නිලධාරින්ගේ සාර්ථකත්වය මත තමයි ඉදිරි වැඩ කටයුතු අපිට තිරණය කරන්න පුළුවන්.

මන්දපෝෂණය සම්බන්ධයෙන් සාකච්ඡා කරලා එයට ආධාර ලබාදෙන්න අපි කටයුතු කරනවා, එන අවුරුද්දේ තවත් ආධාර ලබා ගන්න අපි කටයුතු කරගෙන යනවා.

ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ මට්ටමින් ඒකාබද්ධ යන්ත්‍රණයක් ඇති කරගෙන තියෙනවා , ඒකට පෞද්ගලික අංශත් , මන්ත්‍රිවරුන් , රජයේ නිලධාරින් එකතු කරලා තියෙනවා.

නිර්පාක්ෂික වෙලා වැඩ කරන්න ඕනි , අපි මේ මුහුණ දිලා තියෙන්නේ ඉතාහාසයේ තවරදාකවත් මුහුණ දිලා නැති දෙයකට , ආර්ථිකය කඩා වැටිලා, ආහාර නැති වෙලා.

රටේ ජනතාවගෙන් විශාල පිරිසක් අද අමාරුවෙන් ජිවත් වෙන්නේ උද්ධමනය සහ භාණ්ඩ මිල ඉහල යාම නිසා.

ඒ අයට තියෙන තව ප්‍රශ්නයක් තමයි ජනවාර මාසයේ ළමයින්ට අවශ්‍ය පොත් පත් මිල දි ගන්න එක.

ජනතාව විදින දුක මම අමතක කරලා නැ , මේ කාලවකවානුව අපි පසු කරන්න ඕනි , ආහාර සුරක්ෂිතතා වැඩසටහන දේශපාලනිකරණය නොකරමු.

ආර්ථිකයෙන් ගොඩ ගන්න එකත් එහෙම වෙන්නේ ඕනි , අපිට විවිධ අදහස් තියෙනවා, ඒවා සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරන්න ඕනි.

මම ජනාධිපති වුණාට පස්සේ කිසිදාක දේශපාලයෙන් වැඩ කරලා නැ . හැමදෙනා සමගම සාකච්ඡා කරලා වැඩ කරන්නේ.

සමහර අය හිතන්නේ තවම පරණ විදිහට , පරණ විදිහට දේශපාලනය කරන්නේ, මේ ඔක්කෝම ආණ්ඩුව පිට පැටොව්වොත් ඊලග සැරේ පැරදෙයි කියලා. මම හිතන්නේ ඒක සාර්ථකයි කියලා.

මිනිස්සු ආණ්ඩුවට විතරක් බනින්නේ නැ , මුළු පාර්ලිමේන්තුවටම බනින්නේ.

සැලසුමක් ඇතුව දොස් කියන්න ඕනි , සැලසුමක් නැතුව දොස් කියලා වැඩක් නැ , දොස් කියන එකෙන් විසදුමක් එන්නේ නැ.

අද මේ මුළු දේශපාලන ක්‍රමයම එපා වෙලා තියෙන්නේ , අවු 75 ගිහින් මේ වැටුණු තැනට අපි ඔක්කෝම වගකියන්න ඕනි කියලා හිතෙනවා.

තරුණයා අද දේශපාලනයෙන් ඈත් වෙලා , නිලධාරින්ගෙන් අහනවා මොනවද මේ දේශපාලඥයින් කරන්නේ කියලා.

මට කියනවා දැන් ගෙදර යන්න කියලා , මට එක ප්‍රශ්නයයි තියෙන්නේ ගෙදර ගිනි තිබ්බ නිසා යන්න තැනක් නැ ඒ නිසා මෙතන ඉදන් රට ගොඩ ගන්න හදනවා.

මේ ක්‍රමය සම්පුණයෙන්ම වෙනස් කරන්න ඕනි , ඒක තමයි ජනතාව ඉල්ලන්නේ, ඒ නිසා අපි කරපු වැරදි හදාගෙන රට හරි තැනට ගෙනියන්න ඕනි යනුවෙන් පැවසිය.

මෙම සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවිර , නුවරඑලිය දිස්ත්‍රික් පා.ම වන සි.බි රත්නායක , එස්.බි.දිසානායක , මරුදපාණ්ඩි රමේෂ්වරන් , නිමල් පියතිස්ස , එස් උදයකුමාර් යන මහතුන් , මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥය ලලිත් යු ගමගේ , නුවරඑලිය දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන නිලධාරින් , පළාත් පාලන ආයතන නිලධාරින් රැසක් සහභාගි විය.

මෙම සාකච්ඡාවේදි නුවරඑලිය දිස්ත්‍රික්කය තුල ආහාර සුරක්ෂිතතාවය පවත්වාගෙන යාමට පවතින ගැටළු සම්බන්ධයෙන් නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහ රාජ්‍ය නිලධාරින් විසින් ජනාධිපතිවරයාව දැනුවත් කරනු ලැබුහ.

– රංජිත් රාජපක්ෂ


No comments:

Powered by Blogger.