Header Ads

Breaking News
recent

උතුරේ දෙමළ පක්ෂ එකතු වී ඡන්දෙට එන්න තීන්දු කරයි! පැත්තකට වෙලා හිටපු විග්නේෂ්වරනුත් සාකච්ඡාවට ඇවිත්!

ඉදිරි මැතිවරණවලදී දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පක්ෂ කිහිපයක් එක්ව තරග කිරීමට තීරණය කර තිබේ.

ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පසුගිය දා පවත්වා ඇති බව වාර්තා වේ. 
පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී විග්නේෂ්වරන් මහතා සඳහන් කළේ, අදාළ සාකච්ඡාවට දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පක්ෂ 6ක සාමාජිකයින් සහභාගී වු බවය.

ඉදිරි මැතිවරණවලදී එක්ව තරග කිරීමට එම පක්ෂ එකඟතාවක් ඇති කරගත් බව සී.වී විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මේ අතර උතුරේ දෙමළ ජනතාව මුහුණදෙන ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව දැනුවත් කිරීමට ද එම සාකච්ඡාවේ දී එකඟතාව ඇතිකරගත් බව සී.වී විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා සඳහන් කළේය.


No comments:

Powered by Blogger.