Header Ads

Breaking News
recent

EXCLUSIVE : සල්ලි නෑ!’ ‘දරුවන්ට A/L විභාග!’ ඡන්දය කල්දාන ආණ්ඩුවේ අන්තිම තුරුම්පුව මෙන්න

මෙම මස අවසන් සතියේදී ස්වාධීන මැතිවරණ කොමිසම විසින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ ගැසට් නිවේදනය නිකුත් කළද ඉන් අනතුරුවද පළාත් පාලන මැතිවරණය පැවැත්වීම අත්හිටුවීම සඳහා ආණ්ඩුව සැලසුම් කර ඇති නවතම උපායමාර්ගය පිළිබඳ තොරතුරු හෙළිදරව් කරගැනීමට හැකි විය. 
ඒ අනුව මැතිවරණ කොමිසම මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව කරුණු දෙකක් මුල් කරගෙන පළාත් පාලන මැතිවරණය කල්දැමීමට ආණ්ඩුව සැලසුම් කර තිබේ.

ඉන් පළමුවැන්න වී ඇත්තේ ලබන ජනවාරි 28 වැනි දින ආරම්භ වීමට නියමිත උසස් පෙළ විභාගය මුල් කරගෙන මැතිවරණය කල්දැමීමය. එහිදී මෙම සමය ඇතුළත මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකිරීම උසස් පෙළ විභාගයට පෙනීසිටින දරුවන්ට අපහසුතාවක් සිදුවිය හැකි බවට දක්වමින් මැතිවරණය කල්දැමීමට ආණ්ඩුව සැලසුම් කර ඇත.

ආණ්ඩුවේ දෙවැනි උපක්‍රමය වී ඇත්තේ මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු එය පැවැත්වීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ඉල්ලා කොමිසම විසින් මහා භාණ්ඩාගාරය වෙත ඊට අදාළ ලිපිය එවීමෙන් අනතුරුව ඒ සඳහා මුදල් ප්‍රතිපාදන නොමැති බව පවසමින් මැතිවරණය කල්දමා ගැනීමට අවස්ථාවක් උදාකර ගැනීමය.

යම් හෙයකින් මැතිවරණය සඳහා මූල්‍ය ප්‍රතිපාදන වෙන් කළහොත් රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවිය නොහැකි බවත්, විශ්‍රාමිකයන්ට විශ්‍රාම වැටුප් ගෙවිය නොහැකි බවත් ප්‍රකාශයට පත්කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බවද දැනගන්නට ඇත.

- මව්රට


No comments:

Powered by Blogger.