Header Ads

Breaking News
recent

“අනේ.. මගෙ රත්තරං පුතේ මොකක්ද මේ කරගත්තේ?” - අංගොඩ ලොක්කාගේ ලොකුම ගෝලයාව අල්ලන්න ගිය STF එකට වෙච්ච දෙයක් මෙන්න (VIDEO)

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් කොළොන්නාව - අංගොඩ ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමක දී නිවසක සඟවා තිබූ හෙරොයින් කිලෝ ග්‍රෑම් 12කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමට සමත් වී තිබෙනවා. 
මෙම මෙහෙයුමේ දී එම නිවසේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බළකායේ මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

ලද තොරතුරුකට අනුව සිදුකළ මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ අංගොඩ ලොක්කගේ ප්‍රධාන ගෝලයෙක් වන මේ වනවිට සැගව සිටින ජිලේ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් බවට මූලික විමර්ශනවල දී සොයාගෙන තිබෙනවා.

රුපියල් කෝටි 33.5 ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 12 ආසන්න මෙම හෙරොයින් තොගය සොයා ගැනුණේ මුල්ලේරියාව බාරොන් තිලකානන්ද මාවතේ නිවසකින්.

විශේෂ කාර්ය බළකායේ බුද්ධි කොට්ඨාසයට ලැබුනු තොරතුරක් මත විශේෂ කාර්‍ය බලකායේ විශේෂ මෙහෙයුම් 1හා 3 සහ මූලස්ථාන කඳවුරේ නිලධාරින් විසින් මෙමෙ මෙහෙයුම සිදුකළා.

මෙම හෙරොයින් තොගය සමග සලීම් තුවාන් සහ රොශාන් රවිදු ඩිල්ශාන් යන පුද්ගලයින් දෙදෙනා ද සැකපිට අත්ඩංගුවට ගෙන තිබෙනවා.

මීට අමතරව හෙරොයින් තොගය ප්‍රවාහනයට භාවිතා කලායැයි සැකපිට ත්‍රීරෝද රථයක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් හා හෙරොයින් තොගය ඉදිරි විමර්ශන කටයුතු සදහා අංගොඩ පොලීසියට භාරදීමට නියමිතයි.


No comments:

Powered by Blogger.