Header Ads

Breaking News
recent

ජනාධිපති දෝෂාභියෝගයක් ඉදිරියේ... චෝදනා සපුරයි

පළාත් පාලන මැතිවරණයේ තේරීම් භාර නිලධාරීන් ලෙස පත්වන දිස්ත්‍රික් ලේකම්වරුන්ට ඇප මුදල් භාර ගැනීම අත්හිටුවන්නැයි දැනුම්දීම ජනාධිපතිවරයා විසින් පැහැදිලිවම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම පැහැදිලිවම දෝෂාභියෝගයක් ගෙන ඒමට ප්‍රමාණවත් කාරණාවක් යැයි ද හෙතෙම කියා සිටියි.

ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට ඇති ප්‍රධානතම කරුණු වලින් එකක් වන්නේ ද ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම බව හෙතෙම පෙන්වා දෙයි.

මැතිවරණයකදී තේරීම් භාර නිලධාරීන් වගකියන්නේ කැබිනට් මණ්ඩලයට නොව මැතිවරණ කොමිසමට බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.


No comments:

Powered by Blogger.