Header Ads

Breaking News
recent

දළදාව ලබ්බක් යයි කියූ සේපාල අමරසිංහ අත්අඩංගුවට ගනී!

දළදා වහන්සේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ මතභේදාත්මක ප්‍රකාශ නිකුත් කළ සේපාල් අමරසිංහ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ බෙරලැස්ගමුව ප්‍රදේශයේදී  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගත් බවයි. 
කුරුණෑගල, වදාකඩ ප්‍රදේශයේ ව්‍යාජ දළඳා මාළිඟාවක් නිර්මාණය කිරීම සහ බුදු දහමට හා ශ්‍රී දළඳා වහන්සේට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීමට අදාළව විමර්ශන සිදු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබුණා.

ඒ අනුව පොලිස්පතිවරයා විසින් අදාළ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙනු ලැබුවා. මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව.


No comments:

Powered by Blogger.