පොතුහැර දළදා මැදුරේ පත්තිරිප්පුව පෙරළු මර්වින්ට මහින්දගෙන් පැසසුම්!
කුරුණෑගල පොතුහැර ව්‍යාජ දළදා මැදුරක් බව කියන ඉදිකිරීමෙහි ගැටලුව විසඳීම සම්බන්ධයෙන් ආචාර්ය මර්වින් සිල්වාට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රශංසා කොට තිබේ.
මහත් ආන්දෝලයට ලක් වූ එම ඉදිකිරීම පිළිබඳ විරෝධය ප්‍රකාශ කොට මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් සහ දියවඩන නිලමේතුමා ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලිපියක් ද යොමු කර තිබිණි.
මහත් ආන්දෝලයට ලක් වූ එම ඉදිකිරීම පිළිබඳ විරෝධය ප්‍රකාශ කොට මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් සහ දියවඩන නිලමේතුමා ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලිපියක් ද යොමු කර තිබිණි.
ඒ අතරතුර එහි ගිය ආචාර්ය මර්වින් සිල්වා එම ගොඩනැඟිල්ලෙහි පත්තිරිප්පුවක හැඩය ගත් කොටස කඩා ඉවත් කරන ලෙස දැනුම් දුන් අතර පසුදිනම එය කඩා ඉවත් කෙරිණි. එම අර්බුදය විසඳීමට මැදිහත්වීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දුරකතන ඇමැතුමක් ලබා දී මර්වින් සිල්වාට ප්‍රශංසාව පළ කොට ඇත.
- emanisa

No comments: