Header Ads

Breaking News
recent

යුපුන් ට ජාත්‍යන්තර පිටියේ තවත් ජයක්!

ඉතාලියේ පැවැත්වෙන සැවෝනා ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 100 ධාවන ඉසව්වේ දෙවැනි ස්ථානය දිනා ගැනීමට යුපුන් අබේකෝන් සමත් වී තිබේ.

එහි පිරිමි මීටර 100 ධාවන ඉසව්වේ මූලික වටයේදී යුපුන් අබේකෝන් දෙවැනිස්ථානය දිනා ගත්තේ තත්ත්පර 10යි දශම 0යි 4ක කාලයක් සටහන් කරමිනි.

ඒ අනුව ඔහු අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබුවේය.

අවසන් තරගයේදී ද යුපුන් අබේකෝන් දෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් විය.

ඔහු එහිදී දැක් වූ දක්ෂතාවය සටහන් වූයේ, තත්ත්පර 10යි දශම 0යි 1ක් ලෙසයි.

ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගත්තේ, තත්ත්පර 9යි දශම 9යි 4ක කාලයකින් තරගය අවසන් කළ එංගලන්තයේ රීස් ප්‍රෙස්කොඩ් ය.


No comments:

Powered by Blogger.