Header Ads

Breaking News
recent

බස එකන බහල ඉසසරහට යදද ආප බස එකම ඇඟ උඩන ගහන ! 23 හවරද තරණය එතනම මරට

අවිස්සාවේල්ල – උක්වත්ත සුසාන භූමිය අසල දී ඊයේ (25) පස්වරුවේ සිදුවූ අනතුරකින් 23 හැවිරිදි තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අදාළ තරුණිය තමන් පැමිණි බස් රථයට යටවීමෙන් මෙලෙස අනතුරට ලක්ව මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ අවිස්සාවේල්ල – පුවක්පිටිය, ප්‍රගතිපුර ප්‍රදේශයේ පදිංචිව සිටි දොලවගේ දෝන ඩිලක්ෂි දිල්ෂිකා නමැති තරැණියක්.

මෙම තරුණිය බස් රථයෙන් බැස ඉදිරියට යාමේදී පිටුපසින් පැමිණි බස් රථය ඇයගේ ගැටී තිබෙනවා.

එම අවස්ථාවේ දී මාර්ගයේ ඇදවැටුණු තරුණියගේ ශරීරය මතින් බස් රථය ධාවනය වීමෙන් එම අනතුර සිදුව ඇති බවයි අවිස්සාවේල්ල ⁣මූලස්ථාන පොලිසිය සඳහන් කළේ.

මෘත ශරීරය අවිස්සාවේල්ල මූලික රෝහලට යොමුකර ඇති අතර, මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතයි.
-dasathalanka

No comments:

Powered by Blogger.