Header Ads

Breaking News
recent

එද චමලව ජනධපත අපකෂය කළ නම අපට මහම වනන න පවතර (VIDEO)

2019 වසරේදී ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා නොව චමල් රාජපක්ෂ මහතාව ඉදිරිපත් කළේ නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වර්තමාන ඉරණම අත්නොවන බව අමාත්‍ය පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්මිය පවසයි.

“දේශපාලනය කරලා පුරුදු චමල් රාජපක්ෂ මැතිතුමා වගේ කෙනෙක් අපි එදා ජනාධිපති අපේක්ෂකයා කළා නම් 2019, අපට මේ තත්වය අත්වෙන්නේ නෑ කියන එක මතක් කරන්න කැමතියි.

අපට රනිල් මහත්තයා එක්ක දේශපාලන කෝන්තරයක් තිබුණා. ඒත් අපි ඒ වෙලාවේ පක්ෂයක් හැටියට හරි තීන්දුවක් අරගෙන රනිල් වික්‍රමසිංහ මහත්තයාව ජනාධිපති කළා”

පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්මිය මේ බව පැවසුවේ ඊයේ (25) සූරියවැව ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීමක් අමතමිනි.

No comments:

Powered by Blogger.