Header Ads

Breaking News
recent

ඔස්ට්‍රේලියානු වෛද්‍ය සභාව එරට රෝහල් වෙත වෛද්‍යවරුන් බඳවා ගැනීමේ විභාගයක් ලබන පෙරවාරියේ ලංකාව තුළ සංවිධානය කර වෛදවරු 1000ක් තෝරා ගැනීමට තීරණය කරලා…GMOA කියයි!

ඕස්ට්‍රේලියානු වෛද්‍ය සභාව මගින් එරට රෝහල්වෙත මෙරට වෛද්‍යවරුන්ට ඇතුළත් වීමේ අවස්ථාවක් ලබා දීමේ අරමුණින් ලබන පෙබරවාරි මාසය තුළ එරට රෝහල්වෙත ඇතුළත් වීමේ සුදුසුකම් පරික්ෂා කිරීමේ විභාගය මෙරට පැවැත්වීමට තීරණය කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
වෛද්‍යවරු 1000ක් දෙනා තෝරා ගැනීම සදහා  මාර්ගස්ථ ක්‍රමයට අයදුම්පත් කැඳවීමට දැන්වීම පලකර පැය තුනක් ඇතුළත එය අයදුම්පත් සියල්ලම සම්පූර්ණ වී ඇතිබවද  අදාල විභාගය ලබන පෙබරවාරි මාසය තුළ පැවැත්වීමට නියමිත බවද සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ  පැවසුවේය.

නැවත ඊළග වාරයේ  විභාගය පැවැත්වෙනුයේ ලබන වසරේ මැයි මාසයේදී බැවින් ඒ සඳහා ද අයදුම් කිරිමට තවත් වෛද්‍යවරු විශාල සංඛ්‍යාවක් බලා සිටින බවද පැවසේ.

ස්ට්‍රේලියාවට වෛද්‍යවරුන්ට ඇතුළත් වීම සදහා පවත්වනු ලබන විභාගය මීට පෙර  විදේශයකදී  පැවැත් වූ අතර මෙරට වෛද්‍යවරුන් විදේශ රටකදී අදාළ විභාගයට පෙනී සිටීමට සිදු වූ නමුත් විදේශගතවන වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බැවින් ඔීස්ට්‍රෙිලියානු වෛද්‍ය සභාව සිය විභාග මධ්‍යස්ථානයක් ලෙස මෙරට තෝරා ගැනීමට  පියවර ගෙන ඇති බව පැවසේ.

කෙසේ නමුත් මෙම වෛද්‍යවරුන් 1000ට අමතරව මේ වන විටත තවත් වෛද්‍යවරුන් 5000ක සංඛ්‍යාවක් විදේශ රටවල් වෙත යාමට අවශ්‍ය සුදුසුකම්  ත් සපුරා ඇතැයි සංගමය පවසා සිටියි.
- ශ්‍රියානි විජේසිංහ
 

No comments:

Powered by Blogger.