Header Ads

Breaking News
recent

ෂාෆ්ටර් ඝාතනය සැකය පවුලේ අය පැත්තට; CIDය මූලික විමර්ශන අරඹයි

අධිකරණය විසින් මිනීමැරුමක් බවට තීන්දු කර ඇති ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ සාමාජිකයන්ගෙන් ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (සී.අයි.ඩිය) තීන්දු කර ඇතැයි වාර්තා වේ.

මේ ගැන දැනටමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මූලික විමර්ශනයක් සිදු කර ඇත. 

එහිදී අනාවරණය වී ඇත්තේ ඝාතනයට ලක්වූ ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් සතුව රුපියල් කෝටි සිය ගණනක් වටිනා රක්ෂණ ඔප්පු 12කට අදාළ රක්ෂණ ආවරණ තිබී ඇති බවය. 

එසේම තවත් රුපියල් කෝටි සිය ගණනක දේපොළ උරුමයක්ද ඔහු සතුව තිබී ඇත. 

විවිධ බැංකු ගිණුම් 19ක වත්කම් හිමිකමක්ද ඔහුට තිබී ඇති බව ද මේවන විට හෙළිව තිබේ.

මෙම දේපළ සහ රක්ෂණ ආවරණවල ප්‍රතිලාභ අපේක්ෂාවෙන් ඔහුට සමීපතමයකු මෙම අපරාධය සිදුකළේද යන්න විමර්ශනය කිරීමට නියමිත බව වාර්තා වෙයි.

මෙම සියලු විමර්ශන සිදු කරන්නේ දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය ගැන විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස පොලිසියට අධිකරණය ලබාදුන් නියෝගය අනුවය.

No comments:

Powered by Blogger.