Header Ads

Breaking News
recent

ජනාධිපතිවරණයට ඩයස්පෝරා අපේක්‍ෂකයෙක්.. පසුපස අලිරාජා…

ඉදිරි ජනාධිපතිවරණයේ දී දෙමළ ඩයස්පෝරාවේ අනුග්‍රහය ලබන දමිළ අපේක්ෂකයකු ඡන්ද සටනට ඉදිරිපත් කිරීමට ප්‍රබල ජාත්‍යන්තර ව්‍යාපාරිකයකු වන සුභාෂ්කරන් අලිරාජා කටයුතු කරමින් සිටින බව දේශයට වාර්තා වෙයි

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ජාත්‍යන්තර ව්‍යාපාරිකයකු වන ලයිකා මොබයිල් ආයතනයේ හිමිකරු ද වන සුභාෂ්කරන් අලිරාජා ද මෙරට දේශපාලන කටයුතු ආරම්භ කිරීම සඳහා දේශපාලන පක්ෂයක හිමිකාරිත්වය ලබාගෙන ඇතැයි වාර්තා වෙයි.

ඔහු විසින් අත්පත් කරගෙන ඇති දේශපාලන පක්ෂය ”අරුණලු පීපල්ස් එලයන්ස්” නම් වතුකර දේශපාලන පක්ෂයයි. එහි සභාපති හා මහලේකම් ලෙස කටයුතු කරන්නේ වෛද්‍ය ඒ.ආර්. ක්‍රිෂාන් මහතා බවද සඳහන්ය.

දෙමළ ඩයස්පෝරාව සමඟ සමීපව දේශපාලනය කරන සුභාෂ්කරන් අලිරාජා මහතා මෙම පක්ෂය අත්පත් කරගෙන ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කිරීමට සුදුසු ජනාධිපති ධූර අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ අරමුණින් බව ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි. ඊට අදාළව ඉදිරි මාසයේ සිට පුළුල් මාධ්‍ය මෙහෙයුමක් දියත් කිරීමට ද ඔහු සැලසුම් කර ඇතැයි දැනගන්නට තිබේ.
– Deshaya

No comments:

Powered by Blogger.