Header Ads

Breaking News
recent

අපිට තියන පිළිගැනීම එන්න එන්නම වැඩියි… ජනතාව පොහොට්ටුව සාදරයෙන් පිළිගන්න මග බලන් ඉන්නවා - එස්.බී දිසානායක

පෙරට වඩා ඉතා හොඳ පිළිගැනීමක් ලැබෙමින් ඇති බවත් ජනතාව පොහොට්ටුව පිළි ගැනීම සඳහා සාදරයෙන් මග බලාගෙන සිටින බවත් නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානාය (22) ඊයේ නුවරඑළියේදී පැවසීය.

ඉදිරි ජනාධිපතිවරණය හෝ ඕනෑම මැතිවරණයක ජයග්‍රහණය සහතික නමුත් තුනෙන් දෙකක බලයක් සහ හැට නව ලක්ෂයක ජන වරමක් සහිතව මහා සංඝරත්නය සියයට සියයක් ඒකරාශී වී නිර්මාණය කළ දැවැන්ත ආණ්ඩුව තමන්ගේම නායකයන් පාරට ඇද දැමූ ආකාරය සම්බන්ධව දැඩි කලකිරීමක් ඇති බව ද මන්ත්‍රීවරයා කීවේය.

එස්.බී.දිසානායක මන්ත්‍රීවරයා ඒ බැව් කියා සිටියේ අද දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඉදිරි මැතිවරණය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දැක්වමිනි.

මාධ්‍ය හමුවේ වැඩිදුරටත් අදහස් දැක්වූ එස්.බී.දිසානායක මෙසේ ද කීවේය.

“රටේ අනිවාර්යෙන් මේ අවස්ථාවේදී ඡන්දයක් තියන්න ඕන… ආර්ථිකය  ඡන්දයකට කිසිම සම්බන්ධයක් නැහැ ,”

“මොන චන්දෙ කල් දැම්මත් ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණය වෙලාවට තියන්නට ඕන,

මුලින්ම කරන්නේ ජනාධිපතිවරණයද එහෙම නැත්නම් මහ මැතිවරණයද යන වග තීරණය කරන වගකීම ඇත්තේ ජනාධිපතිවරයාට.”

“අපි නම් කියන්නේ මහ මැතිවරණය පළාත් සභා මැතිවරණය සහ අනෙකුත් සියලු මැතිවරණ කඩිනමින් පැවැත්විය යුතුයි කියලා.”

“ගියපාරට වඩා අපිට හොඳ ප්‍රතිචාරයක් තියෙනවා…  මිනිස්සු අපි එනකම් බලාගෙන ඉන්නේ සාදරයෙන් පිළිගන්න.”

“ඉදිරියේදී අපි තර්ක කරන්නේ අපේ පක්ෂයත් එක්ක… අපිටම කියලා පක්ෂයක් තියෙනවා…  අපි ඉදිරි මැතිවරණයේදී නිසැක ජයක් ලබනවා. ඒ උනත් දැඩි කලකිරීමක් තියෙනවා අපි හදපු ආණ්ඩුවට වෙච්ච වින්නැහිය ගැන.”

“අපි ගොඩක් මහන්සි වෙලා ඉතිහාසයේ ප්‍රථම වතාවට මහා සංඝරත්නය සියයට සීයක් සහයෝගය ලබාදීලා මහා ජන වරමකුත් එක්ක ලැබිච්ච ආණ්ඩුව විනාශ කරන්න අපේ නායකයෝම කටයුතු කළා.”

“ඉදිරියේදී ඡන්දෙ ඉල්ලනවද නැද්ද කියලා තීරණය කරලා නෑ තාම. අපි දැන් වයසක මිනිස්සුනේ… ඒ නිසා ඡන්ද ඉල්ලන එක පස්සේ හිතමු.” යනුවෙන් ද ඔහු පැවසි


No comments:

Powered by Blogger.