Header Ads

Breaking News
recent

කාලකන්නි දේශපාලනඥයින්ගෙන් රට බේරගන්නා බවට ඩඩ්ලිගෙන් සහතිකයක් (VIDEO)

රට විනාශ කළ කාලකන්නි දේශපාලනඥයින්ගෙන් මේ අවුරුද්ද තුළ රට නියත ලෙස ම බේරා ගන්නා බව ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසනවා.

ඔහු අවධාරණය කළේ, කිසිවෙකුට මේ ආකාරයට ඉදිරියේ දී දැඟලීමට ඉඩ නොතබන බවයි.

නාඩු, සම්බා සහ කීරි සම්බා වී සඳහා එකම මිලක් නියම කිරීම නිසා ගොවීන් නාඩු වගාවට යොමු වීමෙන් රටේ කීරි සම්බා හිඟයක් ඇති වූ බව ද හෙතෙම සඳහන් කළා.

මෙවැනි දෑවත් පාලනය කරගත නොහැකි කාලකන්නි දේශපාලනඥයින් 225 දෙනාගේ රෙදි සිය වරක් ගැලවීමට තරම් කරුණු තමා ළඟ ඇති බව ද ඩඩ්ලි සිරිසේන ප්‍රකාශ කළා.

මේ රටේ ලොකු ම ව්‍යාපාරිකයාටවත් ජනතාව රැවටීමට තමන් ඉඩ නොතබන බවත් ඊට එරෙහිව නායකත්වය ගැනීමට තමන් සූදානම් බවත් ඩඩ්ලි සිරිසේන අවධාරණය කරයි.

අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් සඳහා පාසල් උපකරණ බෙදාදීමේ අවස්ථාවකට එකතු වෙමින් හෙතෙම මේ බව කියා සිටියා.
 


No comments:

Powered by Blogger.