Header Ads

Breaking News
recent

ලිංගික සංසර්ගයක් නැතිව දැරියක් ගැබ් අරන්… ඇයට පෙම්වතෙක් හෝ නැති බව හෙළි වෙයි!

ලිංගික සංසර්ගයකින් තොරව ගැබ් ගත් බව විශ්වාස කෙරෙන බාල වයස්කාර දැරියක ගැන හෙට්ටිපොලින් වාර්තා වේ. මෙම 13 හැවිරිදි බාල වයස්කාර පාසල් සිසුවිය ගැබ් ගත් ආකාරය සම්බන්ධව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට හෝ  සොයාගත නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බව පොලිසිය පවසයි.

උදරයේ හටගත් වේදනාවකට ප්‍රතිකාර ගැනීම සඳහා රෝහල් ගත කළ පසු මෙම දැරිය ගැබ් ගෙන ඇති බව හෙළිදරව් වී තිබේ. පසුව මේ සම්බන්ධව රෝහල් පොලිසිය දැනුම්වත් කිරීමට වාට්ටුවේ කාර්ය මණ්ඩලය කටයුතු කර ඇත.

මේ සම්බන්ධව රෝහල් පොලිසිය හෙට්ටිපොල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට දැනුම් දුන් පසු රෝහලට පැමිණි ළමා හා කාන්තා කාර්යාංශ නිලධාරීන්ට දැරිය හඬමින් අවධාරණය කර  පවසා ඇත්තේ තමන් කිසිම පුද්ගලයෙක් සම්බන්ධව ප්‍රේම සම්බන්ධයක් හෝ  පවත්වා නැති බවය.
කුලියාපිටිය රෝහලේ ප්‍රධාන විශේෂඥ  අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වූ පී.කේ.විජේවර්ධන හමුවට දැරිය යොමු කළ පසු ඇයව පරීක්ෂා කළ විශේෂඥ වෛද්‍යවරයා තහවුරු කර ඇත්තේ ඇයට ලිංගික ප්‍රවේශයක් සිදු වී නැති බවය.

පවතින  තත්ත්වය තුළ මේ දියණිය  යම් කිසි මානසික පීඩන තත්ත්වයකින් පසුවන නිසා ඇයව මනෝ වෛද්‍ය විශේෂඥවරයෙක් වෙත යොමු කර තිබේ.  ඇයගේ මානසික සෞඛ්‍ය යහපත් වූ පසු ඉදිරි විමර්ශන කිරීමට නියමිත බව විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා දැනුම් දී ඇත.

පොලිසිය සඳහන් කරන්නේ දැරිය ගැබිණියක වූ ආකාරය විසඳා ගත නොහැකි ප්‍රහේළිකාවක් වී ඇති බවය.
හෙට්ටිපොල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
-lankasara

No comments:

Powered by Blogger.