Header Ads

Breaking News
recent

අනුර ජනාධිපති කර යලි අරගලයකින් පන්නා දමන සැලසුමක්.. සැලසුම රනිල්ගෙන්

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට අවශ්‍ය වන්නේ ඉදිරි ජනාධිපතිවරණය දී අනුර දිසානායක මහතා ජනාධිපති බවට පත් කර ගැනීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි.

අනුර දිසානායක මහතා ජනාධිපතිවීම හරහා රටා අස්ථාවර වන බව වික්‍රමසිංහ මහතා හොඳටම දන්නා බවත් ඉන් පසු ගෝඨාභය රාජපක්ෂ මහතා අරගලයකින් ඉවත් කළ ආකාරයේ මෙහෙයුමකින් අනුර දිසානායකද ඉවත් කිරීමට යම් බලවේග සූදානමින් සිටින බවත් හිතෙම කියා සිටී.

අනුර දිසානායක මහතා අසාර්ථක වූ පසු වික්‍රමසිංහ මහතා රට ගොඩ ගත් බව ඒත්තු ගැන්වෙන ආකාරයේ ක්‍රියාදාමයක් සූදානම් වෙමින් පවතින බවද ඒ අනුව වික්‍රමසිංහ මහතා යලි රටේ ජනාධිපති ලෙස පත්වනු ඇති බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

නමුත් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වුවහොත් මෙම වැඩපිලියෙල ක‍්‍රියාත්මක කල නොහැකි බව වික්‍රමසිංහ මහතා දන්නා බවත් මන්ත්‍රීවරයා තවදුරටත් පැවසුවේය.

No comments:

Powered by Blogger.