Header Ads

Breaking News
recent

ගුරු විදුහල්පතිවරුන්ට අද අසනීපයි! පාසල්වල ඉගැන්වීම් අඩාල වෙයි!

වැටුප් විෂමතාවයට විසඳුම් ඉල්ලා ගුරු – විදුහල්පති සංගම් අද (26) අසනීප නිවාඩු වාර්තා කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා පවසනවා.

ඔහු සඳහන් කරන්නේ තම ඉල්ලීම් ලබා දෙන ලෙස ආණ්ඩුවට බලකරමින් සියලු ගුරුවරුන් හෙට කොළඹට කැඳවන බවයි.

ඒ අනුව අද දිවයිනේ බොහෝ පාසල්වල ඉගැන්වීමේ කටයුතු අඩාලවීමට ඉඩ ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මේ අතර අද තවත් ක්ෂේත්‍ර රැසක වෘත්තීය ක්‍රියාමාර්ග පැවතීම හේතුවෙන් දෛනික රාජකාරි කටයුතු බිඳ වැටුණා.

වැටුප් විෂමතාවයන් විසදීම ඇතුළු තවත් ඉල්ලීම් ගණනාවක් මුල් කරගනිමින් රජයේ විධායක නිලධාරීන් මෙන්ම විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයන්ද අසනීප නිවාඩු වාර්තා කර සේවයට පැමිණීමෙන් වැළකී සිටියා.


No comments:

Powered by Blogger.