Header Ads

Breaking News
recent

මහින්දානන්ද, ගුණතිලකට පහර දුන් බවට සාක්‍ෂි නෑ..- පොලිසිය දන්වයි..

පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගුණතිලක රාජපක්ෂ මහතාට පහර දීම සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්ෂිකරුවන් නැති බව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් දැනුම්දී තිබේ.

ගුණතිලක රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවක් අමතමින් මේ බව සඳහන් කළේය.

එම අවස්ථාවේ එහි සිටි මන්ත්‍රීවරුන්ගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇතත් හරදීමක් සිදුවූ බව දුටු බවට සාක්ෂි කිසිවක් ලැබී නැති බව පොලිසිය සඳහන් කළ බවද ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් තමන් මේ සම්බන්ධයෙන් තමන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු කියා සිටී.

එමෙන්ම සිදුවීම සම්බන්ධයෙන් තමන් පාර්ලිමේන්තුවේදී සියල්ල හෙළි කිරීමට සූදානම් බවද ඔහු සඳහන් කළේය.

එම ගැටුම හේතුවෙන් තමන්ගේ අස්තියක් බිඳී පැය කිහිපයක ශල්‍ය කර්මයක් සිදු කර යකඩ තහඩුවක් සම්බන්ධ කර ඇති බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

 

No comments:

Powered by Blogger.