වසන්තට වෙඩි තැබු ඝාතකයන් බෝට්ටුවෙන් පනින්න සැරසෙයි
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත නමැත්තා ඝාතනය කිරීමේ කරන ලද වෙඩික්කරුවන් දෙදෙනා ම පලපුරුදු වෙඩික්කරුවන් බව පොලිසිය සඳහන් කරයි.
ඔවුන් මෙම ඝාතනයන් සඳහා භාවිතා කරන ලද එක් ගිනි අවියක් එල්ටීටීඊ සංවිධානයේ එකක් විය හැකි බවටද පොලිසිය අනුමාන කරයි.
මෙම සැකකරුවන් මුහුදු මාර්ගයෙන් රටෙන් පලා යාම වැළැක්වීම සඳහා මේ වන විටත් මන්නාරම් මුහුදු තීරයේ ආරක්ෂාව තර කර ඇත.
මොවුන් පිළිබඳව යම් තොරතුරක් ඇතොත් දුරකථන අංක 0718591687 වෙත දෙනුම් දෙන ලෙසද පොලිසිය මහ ජනතාවගෙන් ඉල්ලා තිබේ.
No comments: