Header Ads

Breaking News
recent

මුජිබුර්ට පාර්ලිමේන්තු එන්න දීපු එකට මහින්දානන්ද කේන්ති ගනී!

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා ජාතික ලැයිස්තුවෙන් පත් කිරීමට මැතිවරණ කොමිසම අවසර දීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ (10) මැතිවරණ කොමිසම විවේචනයට ලක්කර ටිබේ.

අලුත්ගමගේ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මැතිවරණ කොමිසමට දෝෂාරෝපණය කළේ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට අදහස් කරන අපේක්ෂකයකු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කළේ කෙසේදැයි ප්‍රශ්න කරමිනි.

“ආණ්ඩුකාරවරුන් සම්බන්ධීකරණ නිලධාරීන් පත්කිරීම ගැන මැතිවරණ කොමිසම කතා කරනවා. පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයන් ආණ්ඩුකාරවරුන්ගේ සම්බන්ධීකරණ නිලධාරීන් ලෙස පත් කිරීම පිළිබඳ ඔවුන් ප්‍රශ්න කළා. පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටියද පාර්ලිමේන්තු මන්ත්‍රී රහුමාන් ජාතික ලැයිස්තුවෙන් පත් කිරීම සම්බන්ධයෙන් කොමිසම නිහඬයි. රහුමාන් මන්ත්‍රීවරයා විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රවර්ධක කටයුතුවල නියැළී සිටිනවා.”

තමන් නීත්‍යනුකූලව පාර්ලිමේන්තුවට පත් කර සිටින බවත් අවුරුදු එකහමාරක් ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය පවත්වනකම් තමා බලා සිටි බවත් ඊට ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රහුමාන් මහතා කියා සිටියේය.


No comments:

Powered by Blogger.