Header Ads

Breaking News
recent

ජනතාවට අලුත් අත්දැකීමක් – ජනාධිපතිවරණයේදී දෙවැනි මනාපය තීරණාත්මකයි

ජනාධිපතිවරණයේදී ඉදිරිපත්වන අපේක්ෂකයන්ගෙන් කිසිවකුට 50%ක් හා තවත් එක් ඡන්දයක් ලබා ගැනීමට නොහැකි වුවහොත් ජයග්‍රාහකයා තෝරා ගැනීමේදී දෙවන මනාප තීරණාත්මක වන බව මැතිවරණ කොමිසම සදහන් කරයි.

ජනාධිපතිවරණයකදී එක ඡන්ද දායකයකුට එක් කතිරයක් නොව, මනාප දෙකක් හෝ තුනක් තෝරා ගැනීමට ඉඩ සලසා දී ඇති අතර ජනාධිපතිවරණයේ දෙවන මනාප ලබාදීම අතිශය වැදගත් විය හැකි බවද මැතිවරණ කොමිසම සදහන් කරයි.

50%ක් හෝ තවත් එක් ඡන්දයක් කිසිදු අපේක්ෂකයකුට ගත නොහැකි වුවහොත් දෙවන මනාප එකතුවෙන් අඩකටවඩා ගන්නා පළමු හා දෙවැනි තැන දිනාගත් අපේක්ෂකයා ජනාධිපති ලෙස තේරී පත්වන බවද මැතිවරණ කොමිසම සදහන් කරයි.

ඒ නිසා මෙවර ජනාධිපතිවරණයේදී දෙවන මනාප ලබා දීමට ඡන්දදාකයන්ට අලුත් අත්දැකීමක් විය හැකි බවද මැතිවරණ කොමිසම සදහන් කරයි.


No comments:

Powered by Blogger.