Header Ads

Breaking News
recent

ගෑස්-ටෙලිපෝන් මන්ත‍්‍රී දෙදෙනෙක් විවාදයක් මැද ගුටි ඇනගනී... මැදිරියටත් හානි (VIDEO)

ශක්ති රූපවාහිනී නාලිකාවේ පැවති සජීවී විවාදයක් අතරතුර දෙමළ ප්‍රගතිශීලී සන්ධාන මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අතර ගුටිබැට හුවමාරුවක් සිදුවිය.

පළනි දිගම්බරම් හා වේළුකුමාර යන මන්ත්‍රීවරුන් අතර මෙම ගැටුම සිදුවූයේ එම සංවාදය අතරතුර ඇතිවූ මත ගැටුමක් දුර දිග යාමෙනි.

මුලින් ඔවුන් දෙදෙනා පරුෂ වචනවලින් බැනගත් අතර ඉන් පසුව ගුටි බැට හුවමාරුවක් දක්වා එය වර්ධනය විය.

රූපවාහිනි නාලිකාවේ කාර්ය මණ්ඩලය මැදිහත් වී දෙදෙනා පාලනය කරන ලද අතර ගැටුම හේතුවෙන් ආයතනයේ බඩු භාණ්ඩවලට සුළු අලාභ හානි සිදුව තිබේ.

ඉදිරි ජනාධිපතිවරණයේදී දිගම්බරම් මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දක්වන අතර වේළුකුමාර් මහතා ජනාධිපතිවරණයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට එක්ව ඇත.


No comments:

Powered by Blogger.