Header Ads

Breaking News
recent

ආයෝජන ව්‍යාපෘතියට වෙන් කළ ඉඩම ඉල්ලා හිටපු ආණ්ඩුකාරවරියගේ සැමියා ප්‍රා.ලේ ට පාට් දමලා!

ආයෝජන ව්‍යාපෘතියක් සඳහා වෙන් කෙරුණු නුවරඑළිය අඹේවෙල ප්‍රදේශයේ අක්කරයක පමණ වටිනා ඉඩමක් ලබා දෙන ලෙස පවසා හිටපු ආණ්ඩුකාරවරියකගේ සැමියා තමාට දුරකතනයෙන් මරණීය තර්ජන කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් ප්‍රගීත් ධනංසූරිය නුවරඑළිය මූලස්ථාන පොලිසියට සහ නුවර එළිය දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරයාට පෙරේදා (30)පැමිණිලි කර තිබෙනවා.

ආයෝජන ව්‍යාපෘතිය සඳහා වෙන් කෙරුණු ඉඩම තමාට ලබා දෙන්නැයි හිටපු ආණ්ඩුකාරවරියගේ සැමියා තමාගෙන් ඉල්ලීමක් කළ බවත් ආයෝජන ව්‍යාපෘතියකට වෙන්කර ඇති හෙයින් ඉහල අනුමැතියක් නොමැතිව එම ඉඩම ලබා දිය නොහැකි බවට පැවසූ අවස්ථාවේදී ඔහු ” ඉඩම මට නොදුන්නොත් විසිඑක්වෙනිදායින් පස්සේ මම ඔයා ගැන බලාගන්නවා. කුඩු වෙන්න දෙන්නේ” යනුවෙන් ප්‍රකාශ කළ බවත් ප්‍රාදේශීය ලේකම්වරයා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් ඊයේ ප්‍රකාශයක් සටහන් කර ගත් බවයි නුවරඑළිය මූලස්ථාන පොලිසිය පවසන්නේ.

ආණ්ඩුකාරවරියගේ සැමියාට බදු පදනම මත හිමිව තිබූ ඉඩමක් වෙනත් පුද්ගලයෙකුට අලෙවි කිරීමෙන් පසුව ඊට යාබදව ඇති මෙම අක්කරයක ඉඩම ලබා ගැනීමට විවිධ උත්සාහ දරා ඇති බවයි සඳහන් වන්නේ.

ඔහු මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් ලිඛිතවද ඉල්ලීමක් කර තිබූ බවද වාර්තා වෙනවා.

මේ අතර ප්‍රාදේශීය ලේකම්වරයාට තර්ජනය කළ හිටපු ආණ්ඩුකාරවරියගේ සැමියා සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා ලෙසට බල කරමින් සඳුදා විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට ප්‍රදේශයේ ගාම නිලධාරීන් තීරණය කර ඇත.

No comments:

Powered by Blogger.