Friday, March 14 2025

Header Ads

බූස්ස බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරී සිරිදත් ධම්මික වෙඩි තබා ඝාතනය කරයි

බුස්ස අධි ආරක්ෂික බන්ධනාගාරයේ හිටපු අධිකාරි සිරිදත් ධම්මික අද (13) සවස හතරයි විස්සට පමණ කුලී ඝාතකයෙකුගේ වෙඩි පහරින් ඝාතනය වී තිබේ.

ඝාතනය වනවිට සිරිදත් ධමිමික 61 වැනි වියේ පසුවූයේය. 

මොහු අක්මිමන ඉහළගොඩ ප්‍රදේශයේ  පිහිටි සිය නිවස ඉදිරිපිට ගෙවත්තේ  උදැල්ලකින් වැඩකරමින්  සිටිය දී  යතුරුපැදියකින් පැමිණි  දෙදෙනෙකු විසින්  මිලි මිටර් නමය වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා ඔහුව ඝාතනය කර තිබේ. වෙඩිවැදිමෙන් බරපතල තුවාල ලැබු විශ්‍රාමික බන්ධනාගාර අධිකාරිවරයා 1990 ගිලන් රථයෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ බාහිර ප්‍රතිකාර අංශයට ඇතුළත්කොට තිබුණි. 

ඒ වනවිටත් මොහු මියගොස් සිටි බව රෝහල් පොලිසිය පවසයි. විශ්‍රාමික බන්ධනාගාර නිලධාරිවරයාගේ හිසට වෙඩි වැදි ඇති අතර හිසෙන් රුධිරය වහනය වි ඇත.  විශ්‍රාමික බන්ධනාගාර අධිකාරිවරයා එක්දරුපියෙකි.  මිට ඉහතදි මොහුට අයත් බව කියන ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි සැලක් ද ගිණිගැනිමට ලක්විමේන් විනාශ වි තිබුණි. ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති  අතර අක්මිමන පොලිසිය පරික්ෂණ පවත්වයි.  

මෙතෙක් බන්ධනාගාර ඉතිහාසයේ ඝාතනය වූ ඉහළම නිලධාරියා සිරිදත් ධම්මික බව පැවසේ. ඝාතකයින් සොයා යමින් මේ වනවිට ප්‍රදේශය පුරා දැඩි ලෙස ආරක්ෂාව තරකර ක්ෂණික මාර්ග බාධක යොදා පුලුල් මෙහෙයුමක් ආරම්භ කර ඇත.

බූස්ස සහකාර බන්ධනාගාර අධිකාරි සිරිදත් ධම්මික සේවයේ නිරතව සිටි අවධියේ දී ඔහුට දැනට ඇප පිට නිදහස්ව ඇති පොඩි ලැසී ගෙන් ජීවිත තර්ජන එල්ල වී තිබිණි. පොඩි ලැසී පවසා තිබුණේ බූස්ස බන්ධනාගාර අධිකාරීවරයාගේ සිට ඕනෑම පුද්ගලයකුගේ ඉරණම මරණය බවත් තමාට එරෙහි වූ ජේලර්වරයා මරා දැමූ බවත්ය.



Leave a Comment

Powered by Blogger.