එකට දීග කන්න අවසන් දිනයක්!
එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව එළඹෙන මැතිවරණයට තරග කිරීමේ අවසන් තීරණය ප්‍රකාශ කිරීමට සමගි ජන බලවේගයට මාර්තු (20) වනදා දක්වා කාලය ලබාදීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.
කොළඹ මහා නගර සභාව සඳහා එක්ව තරග කිරීමේ තීරණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතර පැවති සාකච්ඡාවකදී සමගි ජන බලවේගයට කාලය ලබාදීමට තීරණය කර ඇත.
තවද වෙනත් පළාත් පාලන ආයතන සඳහා පක්ෂ දෙක එක්ව තරග කිරීමට සූදානම් නම් ඒ පිළිබඳ තීරණයද මාර්තු (20) වනදාට පෙර ප්‍රකාශ කළ හැකි බවද එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් දැනුම් දෙයි.

No comments: