සෞඛ්‍ය අමාත්‍යාංශය නෙවිල් ප‍්‍රනාන්දු රෝහලට මිලියන 154 ක ඖෂධ නොමිලේ දීලා - වෛද්‍ය සැපයුම් අංශයේ ගණකාධිකාරිනිය හේළිදරව්ව.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නෙවිල් ප‍්‍රනාන්දු රෝහලට රුපියල් මිලියන 154 ක ඖෂධ නොමිලේ සපයා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ ප‍්‍රධාන ගණකාධිකාරිනී කරුණාසීලි ෆොන්සේකා මහත්මිය ඊයේ (01 දා පැවසුවාය.
ප‍්‍රධාන ගණකාධිකාරිනී කරුණාසීලි ෆොන්සේකා මහත්මිය ඒ පිළිබඳ සඳහන් කර සිටියේ වත්මන් ආණ්ඩු කාලය තුළදී සිදුවී ඇති වංචා සොයා බැලීම සඳහා පත්කරන ලද ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්‍ෂි ලබා දෙමිනි. එහිදී වැඩිදුරටත් සාක්‍ෂි ලබාදෙමින් ෆොන්සේකා මහත්මිය මෙසේද කීවාය.
රජයේ රෝහල්වලට සැපයුම් කරන පරිගණක පද්ධතියක් තිබෙනවා එම පද්ධතිය හරහා නෙවිල් ප‍්‍රනාන්දු රෝහලටත් සැපයුම් කරනවා.
නෙවිල් ප‍්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමේ සූදානමක් තිබුණා. නමුත් මා දන්නා තරමින් එම රෝහල පෞද්ගලික රෝහලක්. එම රෝහලට වෛද්‍ය සැපයීම් කිරීමට අමාත්‍ය මණ්ඩල තීරණයක් ගෙන තිබෙනවා. එම තීරණය අනුව මිලියන 50 දක්වා වෛද්‍ය සැපයීම් කිරීමේ හැකියාව තිබෙනවා. එක් මාසයකදී පමණක් එම සීමාව ඉක්මවා ගියා. බොහෝ මාසවලදී එම සීමාවටවත් ආවේ නැහැ. එම රෝහලට 2017 ජුලි මස සිට වෛi සැපයීම් කර තිබෙනවා. පරිගණක පද්ධතියේ වාර්තාවලට අනුව එදින සිට 2019 ජුලි 31 වැනිදා දක්වා රුපියල් මිලියන 154 ක වෛi සැපයීම් කර තිබෙනවා.
No comments: