සජිත් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 2/3ක් අත්සන් තබයි.. ජනාධිපති වූ සැණින් ඇමරිකාව සමග මිලේනියම් ගිවිසුමට අත්සත් තබන්න සූදානම්
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ ඇමැති සජිත් ප්‍රේමදාස මහතා බව පාර්ලිමේන්තු කණ්ඩායමෙන් තුනෙන් දෙකක් අනුමත කරන ලද බව මුදල් ඇමති මංගල සමරවීර මහතා පවසයි.
ඇමතිවරයා මේ බව කියා සිටියේ මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
සජිත් පිලේ ඇතැමුන්ට විනය පරීක්ෂණ කැදවීමට මහ ලේකම්වරයා විසින් සිදු කළ නිවේදනය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ තනි පුද්ගලයෙකුට විනය පරීක්ෂණ කැඳවීමට නොහැකි බවයි.
පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ එවන් තීන්දුවක් ගෙන නැති බව ද ඇමැතිවරයා සඳහන් කළේය.
ඇමරිකාව සමග අත්සන් තැබීමට නියමිත මිලේනියම් ගිවිසුම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ එහි යම් ප්‍රමාදයක් ඇති බවත් එම ගිවිසුම අනිවාර්යෙන්ම අස්සන් කළ යුතු බවත්ය.
ඉදිරි නව එජාප රජය යටතේ එය ස්ථිර වශයෙන්ම අත්සන් කරන බව ද ඒ සඳහා දැනටමත් කැමැත්ත පළ කර ඇති බවද ඇමතිවරයා පැවසීය.

No comments: