'සජිත්ට අපේක්‍ෂකත්වය නොදුන්නොත් බරපතල තත්වයකට සූදානම් වෙනු' - සජිත් පිල රනිල් පිලට දැඩිව අනතුරු අගවයි
ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකත්වය ලබා නොදුනහොත් බරපතළ තත්ත්වයක් ඇති වන බව රාජ්‍ය ඇමැති නලින් බණ්ඩාර මහතා පවසයි. වසර ගණනාවකට පසු එක්සත් ජාතික පක්ෂයේ පුද්ගලයකු ජනාධිපතිවරයා බවට පත්කර ගැනීමට ලැබී ඇති අවස්තාව මග නොහැරිය යුතු බවද ඔහු කියා සිටී.
එසේ නොමැතිව කොළඹ ඒ.සී. කාමර වලට වී ගේම් නොගසන ලෙස ද ඔහු පක්ෂ නායකයින් ඉල්ලා සිටියේය.
එක්සත් ජාතික පක්ෂයේම කිහිපදෙනකු අගමැතිවරයාට වැරදි තොරතුරු දෙමින් වැරදි මාවතක ඇදගෙන යන බවට ද ඔහු චෝදනා කළේය.
කොළඹදී මාධ්‍ය වෙත ඔහු මේ බව කියා සිටියේය.

No comments: