Header Ads

Breaking News
recent

රතන හිමි සහ විජෙදාස රාජපක්ෂට එරෙහිව විනය පරීක්ෂණ

ක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජයදාස රාජපක්ෂ මහතාට සහ අතුරලියේ රතන හිමියන්ට විනය පරීක්ෂණ කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂ නීති ලේකම් ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා පැවැසීය.

පක්ෂයේ විනය කඩ කිරීම යන චෝදනාව යටතේ මොවුනට විනය පරීක්ෂණ පවත්වන බව කී නිශ්ශංක නානායක්කාර මහතා අද (30) සිට අදාළ විනය පරීක්ෂණ ආරම්භ වන බවද සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා එක්සත් ජාතික පක්ෂයෙන් මහරගම ආසනයට තරඟ කර තේරීපත්වූ අතර අතුරලියේ රතන හිමි එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්විය.


No comments:

Powered by Blogger.