Header Ads

Breaking News
recent

UNP presidential candidate

ක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම මැතිවරණ කොමිසම මගින් නාමයෝජනා කැඳවීමේ නිවේදනය නිකුත් කිරීමෙන් පසු සිදුකරන බව එහි නීති ලේකම් නිශ්ශංක නානායක්කාර පවසනවා. පක්ෂ ව්‍යවස්ථාව අනුව ඊට පෙර ඒ පිළිබඳව තීරණයක් ගැනීමට බලයක් නොමැති බවයි එක්සත් ජාතික පක්ෂ නීති ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීම සඳහා පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් නාමයෝජනා කමිටුවක් පත් කරන අතර, අපේක්ෂකයා තෝරාගනු ලබන්නේ එම නාමයෝජනා මණ්ඩලය විසින්.

එසේ නාමයෝජනා කමිටුව ජනාධිපති අපේක්ෂකයා තෝරාගත් පසුව ඔහුගේ නම එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමත කළ යුතු වනවා.

මෙම කරුණු සම්බන්ධයෙන් ප්‍රතිපාදන සහිතව පක්ෂ ව්‍යවස්ථාව දිවංගත ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන විසින් සකස් කර ඇති බවයි එහි නීති ලේකම් නිශ්ශංක නානායක්කාර වැඩිදුරටත් සඳහන් කළේ.




No comments:

Powered by Blogger.