Header Ads

Breaking News
recent

ඉඩම් ලබා ගැනීමට ඇමසන් ගිණි තැබීම තහනම් කෙරේ.



ඇමසන් වනාන්තරයේ පැතිරී යන ගිනි අනතුරු ප්‍රමාණය තවත් ඉහළ යාමත් සමග ඉඩම් ලබා ගැනීම සඳහා ඇමසන් වනාන්තරය හෙළි කිරීම දින 60කට තහනම් කර තිබෙනවා.

ඇමසන් වැසි වනාන්තරයේ පැතිර යන ගින්න මැඩ පැවැත්වීමට බ්‍රසීල ජනපතිවරයා අපොහොසත් වීම හේතුවෙන් දේශීය සහ විදේශීය ප්‍රජාවගෙන් විශාල බලපෑමක් එල්ල වීමෙන් අනතුරුව ජනපතිවරයා මෙම තීරණයට එළඹී තිබෙනවා.

බ්‍රසීල පරිසරවේදීන් සඳහන් කරන ආකාරයට වඩා දරුණු ගිණි ගැනීම් තවත් ඉදිරියේදී ඇති වීමේ ඉඩකඩ පවතිනවා.

මෙම අර්බුදය සම්බන්ධයෙන් ගත හැකි පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ලතින් අමෙරිකානු රටවල් ඉදිරි සතිය තුලදී හමු වීමට නියමිතයි.

උපුටා ගැනිම - මව්බිම



No comments:

Powered by Blogger.