Header Ads

Breaking News
recent

ගෝඨාභය ජනාධිපති අපේක්‍ෂකත්වයෙන් ඉවත් කරනවාද? - මහින්දට තීරණාත්මක ප‍්‍රශ්ණයක්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ධූරයට පත්කර ඇති බවත් කිසිසේත්ම එම අපේක්ෂකත්වය වෙනස් නොකරන බවත් ශ්‍රී ලංකා රැගෙන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තම අපේක්‍ෂකයාට සහාය දෙන්නට තීරණය කලද පොදුජන පෙරමුණ නම් කරන ලද අපේක්‍ෂකයා වෙනස් නොකරන බවද ඔහු පැවසීය.

තමන් පත් කරන ලද කිසිවෙකු වෙනස් කිරීමට සූදානම් නැති බවද කී මහින්ද රාජපක්ෂ ගන්නා ලද තීන්දුවේ තමන් දිගටම රැඳී සිටින බව සඳහන් කළේය.

කොළඹ පැවැති උත්සව සභාවට සහභාගි වීමෙන් පසු මාධ්‍ය විසින් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙම අදහස් පළ කළේය.

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සහයෝගය තම පක්‍ෂයට ලැබෙන බවද ඔහු තව දුරටත් එහිදී පැවසීය.

මේ දිනවල ඇතැම් වෙබ් අඩවි පුවත් පල කරමින් ඇත්තේ ගෝටාභය රාජයක්‍ෂ මහතා ජනාධිපති අපේක්‍ෂකත්වයෙන් ඉවත් කිරීමට මහින්ද රාජපක්‍ෂ මහතා කටයුතු කරමින් ඇති බවටයි.


No comments:

Powered by Blogger.