විදෙස්ගත ප්‍රබලයන් දෙන්නෙක් දිවයිනට - එජාප - පොහොට්ටු වේදිකා දෙකටගොඩවෙයි - දේශපාලනය ගිණියම් වෙයි
මේ දිනවල විදෙස් ගතව සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මේ ආපසු මෙරටට පැමිණි පසු ජනාධිපති මැතිවරණ වේදිකාවට ගොඩවීමට නියමිතය.
ජනාධිපති මෛත්‍රී ගෝටාභය රාජපක්ෂ මහතාගේ වේදිකාවටත් හිටපු ජනාධිපතිනිය සජිත් පේ‍්‍රමදාස මහතාගේ වේදිකාවටත් ගොඩවනු ඇති බවට වාර්තා වෙයි.
හිටපු ජනාධිපතිනිය සමගින් එජාප වේදිකාවට එක්වීම සදහා ශ්‍රීලනිප කිහිප දෙනෙකුද සූදානමින් ඇතැයිද වාර්තා පල වෙයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ජනාධිපති වේදිකාවේදී ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක්ම සිදු කරනු ඇතැයිද දැනගන්නට ඇත.
No comments: