Header Ads

Breaking News
recent

තමන් ගෝඨාභයට-මහින්දට සහාය දෙන බව රෝසි කියයි

කොළඹ නගර සභාව විසුරුවා හැර එහි පාලනය කොමසාරිස්වරයෙකු යටතට පත්කරන බවට ඇතැම් පාර්ශව විසින් කටකතා පතුරුවන බව කොළඹ නගරාධිපතිනිය රෝසි සේනානායක මහත්මිය සඳහන් කරයි.

ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන ජනාධිපති සහ අගමැති විසින් කොළඹ නගරය අලංකාර කිරීම සඳහා සිදු කරන වැඩපිළිවෙළ ඉතා අගය කරන බවද ඇය පවසයි.

කොළඹ නගරය අලංකාර කිරීම සඳහා සහ පිරිසිදු කිරීම සඳහා පරිසර පොලීසිය ලබාදෙන සහය අගය කරන නමුත් පසුගිය කාලය පුරාම පරිසර පොලිසිය ඊට සහය නොදැක්වීම ගැන කණගාටුවන බවද ඇය කියා සිටියාය.

තමන් කොළඹ නගර සභාවෙන් නගරාධිපතිනි ලෙස නව ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට සුභාශිංසන පිරිනමන බවද අවසන් පැවසූ ඇය ඔවුන් දෙදෙනාට තම සහාය නොඅඩුව ලබාදෙන බවද සඳහන් කළාය.

නගර සභාවේදී පැවති මාසික රැස්වීමේදී ඇය මෙම අදහස් පල කරන ලදී.


No comments:

Powered by Blogger.